ඉදිරියේදී පාර්ලිමේන්තුවට පැමිණීමට අපේක්ෂා කරන්නේදැයි මාධ්‍යවේදීන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගෙන් ඊයේ විමසා සිටියේ ය.
කවදාවත් අපි 19 ට පක්ෂ වෙලා නෑ. මම නම් ඡන්දේ පාවිච්චි කළෙත් නෑ. අපේ එක මන්ත්‍රීවරයෙක් පාවිච්චි කළෙත් නෑ. ඒත් එක්කම හුඟාක් දෙනෙක් ඡන්දය පාවිච්චි කළේ 20 ගේනවයි කියන පොරොන්දුව උඩ.
මාධ්‍යවේදී ප්‍රශ්නය
ඔබතුමා පාර්ලිමේන්තුවට එන්න අදහස් තියෙනවාද?
බැසිල් රාජපක්ෂ මහතා
නෑ දැන්ම එහෙම අවශ්‍යතාවක් නෑ. මෙතන හොඳයි වාගේ
මාධ්‍යවේදී ප්‍රශ්නය
20 දී යම් යම් අඩුපාඩුකම් පෙන්වලා දෙනවා. ඒකේදී ජනාධිපතිවරයාට වැඩිම බලතයක් දෙනවා.
බැසිල් රාජපක්ෂ මහතා
ඔව් ඉතින් ජනතාව වැඩිම බලය දුන්නේ එතුමාටනේ. විධායක ජනාධිපති ක්‍රමය තියෙනවා නම් ඒ ක්‍රමය යටතේ අනිවාර්යෙන්ම ජනාධිපතිතුමාට වගකීමයි බලයයි දෙකම දෙන්න තමයි ජනතාවගේ අපේක්ෂාව.
බැසිල් රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ කොටදෙණියාව බඩල්ගම පිහිටි රබර් නිශ්පාදනාගාරයක නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...