දේශීය පුවත්

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සඳහා වන කෙටුම්පතක් සකස් කිරීම වෙනුවෙන් පත්කර ඇති විශේෂඥ කමිටුවට වතුකරයේ ජීවත් වන දෙමළ හා ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ ජනතාව නියෝජනය කෙරෙන සාමාජිකයකු පත් කරන්නැයි ඉල්ලමින් දෙමළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත ලිපියක් යවා තිබේ.

මනෝ ගනේෂන් මහතා මෙම ලිපිය මගින් ප‍්‍රකාශ කර ඇත්තේ මේ රටේ දෙමළ, මුස්ලිම් ජනතාවට ආවේනික ගැටලූ තිබෙන්නාක් මෙන් වතුකරයේ ජීවත් වන දෙමළ ජනතාවටද ආවේනික ගැටලූ තිබෙන බවයි.

එබැවින් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබඳ කෙටුම්පත සකස් කිරීම වෙනුවෙන් පත්කර ඇති විශේෂඥ කමිටුවට වතුකරයේ දෙමළ ජනතාව නියෝජනය කරන විශේෂඥයකු ඇතුළත්වීම සාධාරණ බවද හෙතෙම ප‍්‍රකාශ කර ඇත.

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම වෙනුවෙන් විශේෂඥ කමිටුවක් පත්කිරීම සාධනීය කරුණක් ලෙස දකින බවද හෙතෙම සඳහන් කර තිබේ.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More