දේශීය පුවත්

එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවේ ඇතිවූ ගින්න හේතුවෙන් ශ්‍රී ලංකා රජයට සිදුවූ අලාභය පිළිබඳ පූර්ණ වියදම් ඇස්තමේන්තුවක් වහාම සකස් කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා බලධාරීන්ට ඊයේ (08 වැනිදා) උපදෙස්දී තිබේ.

අදාළ නෞකාවේ ගින්න සම්බන්ධයෙන්, නාවික හමුදාපති ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති, ශ්‍රී ලංකා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති සහ වෙළෙඳ නාවික කටයුතු පිළිබඳ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සමග ඊයේ (06 වැනිදා) සවස නීතිපති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව නීතිපතිවරයා එම උපදෙස් ලබාදී තිබේ. නීතිපතිවරයා එම සාකච්ඡාවේදී ලබාදුන් උපදෙස් පිළිබඳව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි, රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නිශාරා ජයරත්න මෙසේ සඳහන් කළාය.

ඊයේ (6 වැනිදා) පැවැත්වූ සාකච්ඡාවේදී නීතිපතිවරයා විසින් ආයතන ප්‍රධානීන් වෙත උපදෙස් ලබාදීමක් සිදුවුණා. විශේෂයෙන්ම මෙම සිද්ධිය නිසා ශ්‍රී ලංකා රජයට සිදුවූ අලාභය සහ වියදම්වල දැනට පවතින තත්ත්වය සලකා බලා පූර්ණ වියදම් සම්බන්ධයෙන් ඇස්තමේන්තුවක් අදාළ ආයතන වෙත සම්බන්ධීකරණය කර පිළියෙල කිරීමට උපදෙස් ලබාදුන්නා.

එසේම සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට මෙම නෞකාව තිබෙන ස්ථානයට ගියහොත් එම ප්‍රදේශයට වූ දූෂණය සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙසද නීතිපතිවරයා උපදෙස් ලබාදුන්නා. නීතිපතිවරයා මෙම සියලුම කටයුතු සිදුකිරීමේදී මෙරටට පැමිණෙන විදේශ කණ්ඩායම්වලට කොවිඩ් මාර්ගෝපදේශ අනුව කටයුතු කරන ලෙසටත් උපදෙස් ලබාදුන්නා. එමෙන්ම අලාභය නිසා තෙල් කාන්දුවක් ඇතිවීමේ සම්භාවිතාව සහ පරිසරයට සිදුවිය හැකි හානිය පිළිබඳ තක්සේරුවක් ලබාගන්නා ලෙසටත්, එවැනි අවස්ථාවක් ඇතිවුවහොත් ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් ක්‍රමවේද හරියාකාරව සකස් විය යුතු බව නීතිපතිවරයා අවධාරණය කළා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More