දේශීය පුවත්

පාසල්වල අධ්‍යයන කටයුතු හෙට (8 දා) සිට සාමාන්‍ය පරිදි ආරම්භ කරන නිසා පාසල් දරුවන්ට මුඛ ආවරණ පැළඳීම ඇතුළු ලබාදී තිබෙන සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අනිවාර්ය කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක හරිත අලූත්ගේ මහතා ඊයේ (6 දා) ඉල්ලීමක් කළේය.

ගෝලීය වසංගතයක් ලෙස කොවිඞ් වසංගතය තවමත් රටවල් ගණනාවක පවතින නිසා අපේ රටෙන් එම රෝගය තුරන්වී ඇතැයි සිතා කටයුතු කළ නොහැකි බවත්, පාසල්වල සාමාන්‍ය ලෙස අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීම නිසා දරුවන් අතර මීටරයේ දුර ඉවත්වීමෙන් මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කළ යුතු බව ඒ මහතා කීය.

අසල්වැසි ඉන්දියාව තුළ පෙරේදා (5 දා) පැය 24 ක් තුළ කොවිඞ් රෝගීන් 90,000 ක් වාර්තාවී තිබෙන බවත්, ශී‍්‍ර ලංකාවට ඉන්දියාවෙන් ධීවරයන් ලෙස විවිධ පුද්ගලයන් ඇතුළුවීමේ අවදානම් තත්ත්වයක් පවතින බවත් ඒ මහතා කීය.

ප‍්‍රංශය කොවිඞ් වසංගතය සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇතැයි සිතා රට විවෘත කිරීමෙන් පසු එම රටේ නැවත කොවිඞ් තත්ත්වයක් වාර්තාවීමත් සිංගප්පූරුවට විදෙස් රටවලින් පැමිණෙන පිරිස නිසි ලෙස කළමනාකරණය කර නොගැනීම නිසා කොවිඞ් වසංගතය පැතිරීමත් නිසා සිංගප්පූරු අගමැතිවරයාට ජනතාවගෙන් සමාව ඉල්ලීමට පවා සිදුවී තිබෙන බවද ඒ මහතා කියා සිටියේය.

සමාජයේ ඇතැම් පුද්ගලයන් කොවිඞ් වසංගතය රටෙන් තුරන් වී ඇති ආකාරයට හැසිරෙන බවත් එසේ කිරීම කිසිසේත් සුදුසු නොවන බවත් කී අලූත්ගේ මහතා දේශපාලකයන්, සෞඛ්‍ය අංශ සහ මහජනතාවගේ කැපවීම තවදුරටත් කොවිඞ් වසංගතයෙන් මිදීමට අවශ්‍ය බවත් කීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More