රජයට අයත් මාන්තායි ලුණු සමාගම මේ වනවිට වසරකදී නිෂ්පාදනය කරන ලුණු මෙටි්‍රක්ටොන් 21,000ක ප්‍රමාණය වැඩි කරගනිමින් දේශීය ලුණු අවශ්‍යතාව ආනයනය කිරීමෙන් තොරව දේශීය නිෂ්පාදනයෙන්ම සපුරා ගැනීම එහි ප්‍රධාන ඉලක්කය විය යුතු බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසිය.
පසුගිය දා (04) මාන්තායි ලුණු සමාගමේ සභාපතිවරයා ඇතුළු නිලධාරින් සමග සිය අමාත්‍යාංශයේදී පැවති සාකච්කජාවකදී ඇමතිවරයා මේ පිළිබඳව අවධාරණය කළේය. දේශීය ලුණු නිෂ්පාදනය වැඩි කිරීම සමග නව ලුණු මුලාශ්‍ර හදුනාගැනීමට සහ දැනට හදුනාගෙන ඇති ලේවායන් ආශ්‍රිතව වැඩි නිෂ්පාදන ප්‍රමාණයක් සිදු කළ හැකි නවීන තාක්ෂණික ක්‍රම පිළිබද අවබෝධය ලබා ගැනීමට විශ්ව විද්‍යාල සහ පර්යේෂණ කණ්ඩායම් යොදා ගනිමින් පරික්ෂණයන් සිදු කිරීමේ වැදගත්කම මෙහිදී ඇමතිවරයා විසින් පෙන්වා දෙන ලදි.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා කියා සිටියේ ඉදිරි වසර 5 තුළ දේශීය ලුණු අවශ්‍යතාව සැපයීමට හැකිවන ලෙස මාන්තායි ලුණු සමාගම තම ඉලක්කය සකසා ගැනීම සිදු කළ යුතු බව ය. මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් චූලානන්ද පෙරේරා, අමාත්‍ය උපදේශකවරු වන සුනිල් හෙට්ටිආරච්චි, සුදේශ් නන්දසිරි, මාන්තායි ලුණු සමාගමේ සභාපති එච්. ජී. විජේතුංග, සාමාන්‍යාධිකාරි එම්.අයි.ටී මන්සිල් ඇතුළු නිලධාරීහු පිරිසක් ද සහභාගී වූහ.
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,


ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...