දේශීය පුවත්

20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ රටට අවශ්‍ය නොවන කරුණු කිහිපයක් අඩංගු බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගෙවිඳු කුමාරතුංග පවසයි.

ද්විත්ව පුරවැසියන්ට මහජන නියෝජිතයින් ලෙස පත්වීමට පනවා ඇති සීමා ඉවත් කිරීම සුදුුසු නොවන යෝජනාවක් බව ඔහු පෙන්වා දෙයි.

පිළිගත නොහැකි සහ අඩුපාඩු සහිත තවත් කරුණු කිහිපයක් විසි වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ අඩංගු බව ද පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගෙවිඳු කුමාරතුංග වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

එහිදී “පසුගිය අවුරුදු 05 පුරා ගෙනාපු රටට හානිකර විවිධ අණ පනත්වලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ දී ඒ අණ පනත්වල තියෙන ව්‍යවස්ථානුකූල භාවය ගැන ප්‍රශ්න කිරීමට ලැබී තිබූ අවකාශය අපිට විශාල ශක්තියක් වුණා. එතකොට අපිට ආධාර උපකාර වෙච්ච ව්‍යවස්ථා ප්‍රතිපාදන වෙනස් කරන්න කටයුතු කරනවා නම් ඒ ගැන ගැඹුරින් අවධානය යොමු කරන්න අවශ්‍යයි.” යනුවෙන් සඳහන් කළා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කුමාරතුංග මහතා මේබව කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More