දේශීය පුවත්

වනාතවිල්ලුව, එළුවන්කුළමථ කුරුටියාමොහොට්ටේ ප්‍රෙද්ශයේ පිහිටි දැවැන්ත වනාන්තර පද්ධතියක් අක්කර 100කට ආසන්න ප්‍රමාණයක් ප්‍රෙද්ශීය දේශපාලනඥයෙකුගේ ආධාර අනුබල ඇතිව වනසා ඇතිබව ‘වයඹ හඩ“ පරිසර සංවිධානයේ සංවිධායක අජිත් ගිහාන් මහතා පවසයි.

මාස ගණනාවක සිට යාන්ත්‍රික කියත් උපයෝගී කරගනිමින් මෙම දැවැන්ත වන සංහාරය සිදුකර ඇති බව කියයි. දෙවියන්ට පොල් ඉහළ රදවමින් දෙවියන්ගේ ආරක්ෂාව අයදිමින් වන සංහාරකයින් මෙම වනාන්තරය වනසා ඇති බව දැකගත හැකි විණි.

යාන්ත්‍රික කියත් උපයෝගි කරගනිමින් වසර 200කට වැඩි දැවැන්ත පළු ගස් කපා රහසේ /ගෙන ගොස් ඇති බවත් ඒ සමගම මෙම වනාන්තර පද්ධතියේ තිබූ වීර, බුරුත, ඇතුළු වසර සිය ගණනක ගස්ද දැව ජාවාරමට යොදා ගැනීමෙන් වනාන්තරය සියළුම ගස් යාන්ත්‍රික කියත් උපයෝගී කර ගනිමින් බිම හෙළා ඉන්පසුව මෙම දැවැන්ත පරිසරය ගිනි තබා තිබේ.

පරිසරවේදීන පවසන්නේ මෙම දැවැන්ත වන සංහාරය පිටුපස වනාතවිල්ලුවේ ප්‍රබල ප්‍රෙද්ශිය දේශපාලනඥයකු සිටින බවත් ඔහුට තවත් රාජ්‍ය නිලදාරීන් කිහිප දෙනෙකුගේ ද ආධාර අනුබල ලැබී ඇති බවත්ය.

-ලංකාදීප වෙබි පිටුව



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More