දේශීය පුවත්

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නොවැම්බර් මස මුල් සතියේ පාර්ලිමේන්තුවේ දී විවාදයට ගෙන සම්මත කර ගැනීමට ආණ්ඩුව සැලැසුම් කර ඇත.

මේ අතර විසිවෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමට සමගි ජන බලවේගය පක්ෂය සහ ස්වේච්ඡා සංවිධාන රැසක් තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර සහ විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

ඊට අමතරව මෙම නව ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ගත හැකි වෙනත් විකල්ප කි‍්‍රයා මාර්ග ගැනීම සම්බන්ධව ද මේ වන විට සාකච්ඡා කරමින් පවතින බවද කිරිඇල්ල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

පසුගිය දින කිහිපය පුරා 20 වන සංශෝධනය පිළිබඳව දේශපාලන පක්ෂ සහ ජාතික සංවිධාන සිය මත ප්‍රකාශ කළ අතර 19 වන ව්‍යවස්ථාවේ තිබූ එකම යහපත් අංගය වූ ද්විත්ව පුරවැසි බාධකය 20 වන සංශෝධනයට නැවත ඇතුල් කළ යුතු බවට ද  අදහස් පළ විය.

සබැදි පුවත් – 

ද්විත්වපුරවැසි බාධකය මන්ත්‍රීවරුන්ට පමණක් නොව උසස් නිලධාරීන්ටත් පැනවිය යුතුයි – ජාතික සංවිධාන (Video)

 



One thought on “විස්ස විවාදය නොවැම්බර් මුල් සතියට පෙර – තවත් දින 10කින් පාර්ලිමේන්තුවට”

  1. 20 මගින් 70.1 ව්‍යවස්ථාව සංශෝධනය කරන්නට යාමේදී රජයට වැරදි නීති උපදෙස් ලබා දීමෙන් 2015 සහ 2020 නීතිපතිවරු ශ්‍රේෂ්ඨාධිකරණ තීරණවලට සහ 1988 ශ්‍රේෂ්ඨාධිකරණ රීතිවලට ගරු කර නැද්ද?

    http://neethiyalk.blogspot.com/2020/09/70.html?m=1

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More