දේශීය ඖෂධ නිෂ්පාදනය සඳහා ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුනට ගංජා වගාකිරීමට අවසරය ලබාදෙන ලෙස එම වෛද්‍යවරු රජයෙන් ඉල්ලා සිටිති.
ගංජා යනු ලොවම පිළිගත් ඖෂධයක් බවත් එය පිළිකා ඇතුළු බරපතළ රෝග රැසක් සුව කිරීම සඳහා යොදාගන්නා බවත් පවසන ආයුර්වේද වෛද්‍යවරු බි‍්‍රතාන්‍ය ජාතිකයින් විසින් මෙම ශාකය ශ‍්‍රී ලංකාව තුළ වගා කිරීම තහනම් කර ඇත්තේ ඔවුනගේ දුම්කොළ වගාව සිදුකර ගැනීම සඳහා යැයි පවසති.
දැනට තම ඖෂධ නිෂ්පාදනය සඳහා ගංජා ලබාගන්නේ උසාවිය විසින් රාජසන්තක කරන ගංජාවලින් බවත් එබැවින් දේශීය ඖෂධ නිෂ්පාදනය දිරිගැන්වීමට රජය පියවර ගන්නේ නම් කඩිනමින් මෙම නීතිය සංශෝධනය කිරීමට පියවර ගන්නා ලෙසත් දේශීය වෛද්‍යවරු ඉල්ලා සිටිති.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...