දේශීය පුවත්

රජය විසින් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතරතුර විපක්ෂය නියෝජනය කරන දෙමළ පක්ෂ කිහිපයක මන්තී‍්‍රවරු කිහිප දෙනෙකු රජයට එක්වීම සඳහා මේ වන විට සාකච්ඡා පවත්වමින් සිටින බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී සමගි ජන බලවේගයෙන් ඉදිරිපත්ව මන්ත‍්‍රී ධුර හයක් දිනා ගත් දමිළ ප‍්‍රගතශීලි සන්ධානය නියෝජනය කරන මන්තී‍්‍ර කණ්ඩායම තමන් රජයට සහාය ලබා දෙන්නේ කුමනාකාරයෙන් දැයි තීරණය කිරීම වෙනුවෙන් ලබන සතියේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇතැයි ද වාර්තා වේ.

දමිළ ප‍්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේෂන්, නියෝජ්‍ය නායක පලනි තිගාම්බරම්, එම සන්ධානය නියෝජනය කළ කඳුරට ජනතා පෙරමුණේ නායක වී. රාධාකි‍්‍රෂ්ණන් ඇතුඵ හිටපු ඇමැතිවරු කිහිපදෙනෙකු රජය ගෙන ආ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහාය ලබා දිය යුතු ද නැති ද සහ රජයට එක්විය යුත්තේ කුමනාකාරයෙන් දැයි මේ වන විටත් සාකච්ඡා කිහිපයක් පවත්වා ඇතැයි ද එම සන්ධානයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

දමිළ දේශපාලන පක්ෂ මන්තී‍්‍රවරුන්ට අමතරව සමගි ජන බලවේගයෙන් තරග කර පාර්ලිමේන්තුවට තේරී පත් වූ තවත් සුළු පක්ෂ කිහිපයක මන්තී‍්‍රවරු පිරිසක් ද රජයට එක්වීමේ සූදානමක් පවතින බවත් ඒ වෙනුවෙන් ද මේ වන විට ආණ්ඩු පක්ෂය සමග සාකච්ඡා ආරම්භ කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් හිටපු ඇමැතිවරුන් වූ රිෂාඞ් බදියුදීන් සහ රාවුෆ් හකීම් යන වත්මන් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් රජයට එක්කර ගැනීමට කිසිදු සූදානමක් නැතැයි රජය දැඩි ස්ථාවරයක පසුවන බව ප‍්‍රකාශ කර තිබිණ.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More