ප‍්‍රධාන පුවත්

බ්‍රිතාන්‍යයේ ප්‍රධාන වෛද්‍ය සඟරාවක් වන The Lancet සඟරාව විසින්, රුසියාවේ නිෂ්පාදනය කරනු ලැබූ covid 19 එන්නත 100% ප්‍රතිඵලදායක බව පසුගියදා ප්‍රකාශයට පත් කළේය.

ඔවුන් කරන ලද අධ්‍යයනයකට අනුව, මෙහිදී  මුල් අවධියේ අත්හදා බැලීම්වලට 76 දෙනෙක් සහභාගි වූ අතර, ඔවුන් සියලු දෙනා සාර්ථකව ප්‍රතිදේහ නිපදවීමට සමත් විය. එමෙන්ම කිසිවෙකු සැලකිය යුතු අතුරු අබාධ පෙන්නුම් නොකළේය.

ඒ අනුව “Sputnik V”  ලෙස නම් කර ඇති මෙය, ලොව ප්‍රථම වරට ලියාපදිංචි කරන ලද කොවිඩ් -19 සඳහා වූ එන්නත වේ. අගෝස්තු 11 දින විශේෂ මාධ්‍ය ප්‍රකාශයක් ඔස්සේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මේ බව ප්‍රකාශයට පත් කළේය.

මොස්කව් හි ගමාලියා වසංගත රෝග හා ක්ෂුද්‍රජීව විද්‍යා පර්යේෂණ ආයතනය විසින් වැඩි දියුණු කරන ලද මෙම එන්නත ලබන වසරේ සිට සාමාන්‍ය ජනතාවට ලබා දීමට නියමිතය. මහජනතාවට බෙදා හැරීමට ප්‍රථමව එන්නත වඩා අවදානම් කණ්ඩායම් වන ගුරුවරුන්ට සහ වෛද්‍ය සේවකයින්ට ලබාදීමට කටයුතු සූදානම් කර ඇති බව රුසියානු වාර්තා වල දැක්වේ.

ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමට මාසයක් ගත වූයේ මන්දැයි පැහැදිලි කරමින් ගමාලියා ආයතනයේ ප්‍රධානී ඇලෙක්සැන්ඩර් ගින්ට්ස්බර්ග් පැවසුවේ අදාළ ලිපිය සකස් කිරීමට සඳහා , ස්වාධීන සමාලෝචකයින් පස් දෙනෙකු විසින් ඇගයීමට ලක් කරන ලද දත්ත යොදා බවත්, සියලු සම්මත ජාත්‍යන්තර සම-සමාලෝචන සම්මුතීන් අනුගමනය කරමින් මෙම ප්‍රතිඵල ප්‍රකාශයට පත්කළ බවත්ය.

මූලාශ්‍ර/www.rt.com/russia



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More