දේශීය පුවත්

ආර්ථික ඝාතක නිලධාරීන් පිරිසක් විසින් ආණ්ඩුව නොමග යවා ෆාම් තෙල් සහ පොල් තෙල් ආනයන කරුවන්ගේ කූඨ උපක්‍රම වලට අනුව මහා පරිමාණ බදු සහන ලබා දීම නිසා රට තුලට විහාල වශයෙන් පිරිපහදු නොකළ විෂ සහිත ෆාම් තෙල් සහ ෆාම් තෙල් මිශ්‍ර පොල් තෙල් ආනයනය කරමින් තිබෙන බව වරාය ආරංචිමාර්ග තහවුරු කරයි.

පොල් තෙල් වලට ලබා දී ඇති බදු සහනය කි.ග්‍රෑ. 1 කට රු 170ක් වන අතර ෆාම් තෙල් වලට ලබා දී ඇති සහනය කි.ග්‍රෑ. 1 කට ර 100කි. මේ වන විට ආනයනය කොට තෙල් ප්‍රමාණය ෆාම් තෙල් කි.ග්‍රෑ මිලියන 20ක් සහ පොල් තෙල් කි.ග්‍රෑ මිලියන 15ක් බව වාර්තාවේ.

ඒ අනුව රටට අහිමි වූ සහ ජාවාරම්කරුවන්විසින් කොල්ල කන ලද මුදල රු මිලියන 5000ක් පමණ වේ. මේ ආකාරයට ආනයනය කරන විෂ සහිත නිදහස් මේද අම්ල අඩංගු පිරිපහදු නොකළ ෆාම්තෙල් පිලිකා කාරකයක් බව ඔප්පු වී ඇතත් සෞඛ්‍ය අංශ හෝ වෛද්‍ය සංගම් විසින් කිසිදු පියවරක් නොගැනීම ගැන පොල් කර්මාන්තකරුවෝ විමතිය පළ කරති.

ඔවුන් සඳහන් කරන ආකාරයට පොල් සංවර්ධන අධිකාරියද මේ පිළිබඳව කිසිදු පියවරක් නොගන්නා බැවින් කර්මාන්තයද කඩා වැටේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More