දේශීය පුවත්

පසුගිය රජය කාලයේදී ශ‍්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂක මණ්ඩලයට ඇමෙරිකානු සී. අයි. ඒ. නියෝජිතවරයකුද සහභාගි වූ බව ඔස්ටේ‍්‍රලියාවේ ස්පර් නමැති දේශපේ්‍්‍රමි ශ‍්‍රී ලාංකික සංවිධානය විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා වෙත හදිසි සංදේශයක් යවමින් හෙළි කර ඇත.

මේ බව හිටපු නියෝජ්‍ය පොලිස්පති මෙරින් ගුණරත්න මහතා අනාවරණය කළ බවත් එහෙත් එදා සිටි රජය ඒ ගැන පියවර ගෙන නැති බවත් එම සංවිධානයේ සභාපති දසරත් ජයසූරිය මහතා සඳහන් කර තිබේ. මෙම සී. අයි. ඒ. ඒජන්තවරයා ජාතික ආරක්‍ෂක මණ්ඩල සාකච්ඡුාවලට ඇතුළු කරන ලද්දේ ඇමෙරිකානු ශ‍්‍රී ලංකා ද්විත්ව පුරවැසියකු බවද ඒ මහතා වැඩිදුරටත් සිය සන්දේශයේ දක්වා ඇත.

විදේශීය රහස් ඔත්තු සේවා නියෝජිතයකු මෙරට ආරක්‍ෂක මණ්ඩලයේ රැුස්වීම්වලට සහභාගී වීමේ සිද්ධිය ජනතාවගෙන් වසන් වී තිබේ.

මෙම සී. අයි. ඒ. ඒජන්ත මෙරටට ගෙන ආ හිටපු දේශපාලකයකු ගැනද ස්පර් සංවිධානය විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධනට අනතුරු අ`ගවා ඇත.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More