මාර්ග කිලෝමීටර් ලක්ෂයක් දියුණු කිරීමේ වැඩපිළිවෙළ යටතේ පළාත් සභාවලට අයත් සියලු මාර්ග සහ පළාත් පාලන ආයතනවලට අයත් තෝරාගත් ප්‍රධාන මාර්ග වැඩිදියුණු කිරීමට තීරණය කර ඇතැයි ‘ආර්ථික පුනර්ජිවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බළකායේ’ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
බැසිල් රාජපක්ෂ මහතා මෙසේ පැවසුවේ අද (04) දින අරලියගහ මන්දිරයේ දී මාර්ග කිලෝමීටර් ලක්ෂයක් පුනරුත්ථාපනය කිරීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.
සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ යටතේ මෙම වැඩපිළිවෙළ මහාමාර්ග අමාත්‍යාංශය සහ ග්‍රාමීය මාර්ග සහ අවශේෂ පහසුකම් රාජ්‍ය අමාත්‍යංශයේ මෙහෙයවීම යටතේ පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරිය හා දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කෙරේ. මේ යටතේ පළාත් සභාවලට අයත් මාර්ග සියල්ල කාපට් කර යථා තත්ත්වයට පත් කිරීමට නියමිතය. එමෙන්ම පළාත් පාලන ආයතනවලට අයත් මාර්ගවලින්, ප්‍රධාන මාර්ග දෙකක් එකතු කරන මාර්ග, ප්‍රධාන නගරවලට සම්බන්ධවන මාර්ග වැනි විශේෂතා සහිත මාර්ග ද මේ යටතේ වැඩි දියුණු කෙරේ.
මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ දී ජලසම්පාදන මණ්ඩලය, විදුලිබල මණ්ඩලය වැනි ආයතන සමඟ සම්බන්ධවී කටයුතු කිරීමේ වැදගත්කම ද මෙහි දී අවධාරණය විය.
මාර්ග සකස් කිරීමේ ප්‍රමුඛතා ලැයිස්තුවක් එම ආයතනවලට ලබාදීම හරහා විටින් විට මාර්ග කැඩීම වෙනුවට මාර්ග සකස් කරන අවස්ථාවේදීම ජල සැපයුම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම ආදී කටයුතු අවසන් කර ගැනීමේ හැකියාව ඇතැයි ද එහි දී සඳහන් විය.
මාර්ග සකස් කිරීමේ දී පරිසර හිතකාමී භාවය රැකගැනීමට ප්‍රමුඛතාවය ලබාදිය යුතු බවත් එහි දී මාර්ග දෙපස රටට ගැලපෙන පරිසර හිතකාමී ප්‍රයෝජනවත් ගස් වර්ග පැළ කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව පෙන්වා දුන් බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ පැළ වර්ග තෝරා ගැනීමේ දී පරිසරයට ප්‍රයෝජනයක් නැති පැළ වෙනුවට මී, කුඹුක් ආදී ගස් වර්ගවලට වැඩි අවධානයක් යොමු කරන ලෙසය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...