ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ දී හදිසි ගිනි ගැනීමකට ලක්වූ ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ඇතිවූ ගින්න සාර්ථකව මැඩ පැවැත්වීමට හැකිවූ බව ඉන්දීය වෙරළ ආරක්ෂක බළකාය නිවේදනය කරයි.
සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් ඒ බව සඳහන් කර තබේ.
ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය සඳහන් කළේ ඊයේ රාත්‍රී 7.00 පමණ වන විට MV New Diamond නම් ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ඇතිවූ ගින්න සාර්ථකව මැඩපැවැත්වීමට හැකිවූ බවයි.
ගිනි ගත් ඉන්ධන නෞකාව ගොඩබිම දෙසට ඇදී ඒම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බව ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය නිකුත් කළ ට්විටර් නිවේදනයේ සඳහන්වේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...