දේශීය පුවත්

අනතුරට පත්වී ඇති MT- New Diamond තෙල් නෞකාවෙන් සමුද්‍රීය පරිසරයට සිදුවිය හැකි හානි වළක්වා ගැනීමට අවශ්‍ය උපරිම ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස ගරු අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

පැය 24 පුරා ක්‍රියාත්මක ඒකාබද්ධ මෙහෙයුමක් ඔස්සේ අනතුරට පත් නෞකාවෙන් සමුද්‍රීය පරිසරයට ඇති විය හැකි හානිය වළක්වා ගැනීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා ලෙස අග්‍රාමාත්‍යතුමා විෂය භාර අමාත්‍යවරයා ලෙස දන්වා ඇත.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ඇති සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට ඒ සම්බන්ධයෙන් වන සියලු මැදිහත්වීම් සිදු කරන ලෙස ද අග්‍රාමාත්‍යතුමා උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ඇති සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ මුලික මැදිහත් වීමෙන් හා සිද්ධි කළමනාකරණ කණ්ඩායම, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව, ශ‍්‍රී ලංකා නාවික හමුදාව, ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, පරිසර අධිකාරිය, ධීවර දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු ආයතන 15 ක් ඒකාබද්ධව අනතුරට පත් නෞකාවේ ගින්න නිවා දැමීම සහ සමුද්‍රීය පරිසරයට විය හැකි හානිය අවම කිරීමේ ක්‍රියාමාර්ග හා මෙහෙයුම්වල දැනට නිරතව සිටී.

පැනමා රාජ්‍යයට අයත් MT-New Diamond තෙල් නෞකාව කුවේටයේ  මිනා අල් අහමදී වරායේ සිට ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ පැරඩිප් වරාය දක්වා යාත‍්‍රා කරමින් තිබියදී, ශ‍්‍රී ලංකාවට නාවුක සැතපුම් 38 ක් දුර සංගමන්කන්ද ආසන්නයේ දී, 2020 සැප්තැම්බර් මස 03 දින පෙරවරුවේ හදිසි ගින්නකට ලක් විය. එම නෞකාවේ බොර තෙල් මෙටි‍්‍රක් ටොන් 270,000ක් රැගෙන යන බව සඳහන් වේ.

රොහාන් වැලිවිට,
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More