දකුණු චීන මුහුදේ අහිතකර ක්‍රියකාරකම් සම්බන්ධයෙන් එක්සත් ජනපදය විසින් චීනයට අයත් ඇතැම් රාජ්‍ය ව්‍යාපාර සහ විධායක නිලධාරීන් වෙත සීමාකිරීම් පනවා තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ කොළඹ කාර්යාලය මේ බව සඳහන් කර තිබේ.
මහජන චීන රජය අස්ථිත්වයන් ඉලක්ක කරගෙන මෙම සම්බාධක පනවා ඇති අතර, China Communications Construction Company (CCCC)සහ එහි පරිපාලිත සමාගම් සමඟින් ගනුදෙනු කිරීමේ දී අවදානම කළමනාකරණය කරගෙන කටයුතු කරන්නට එක්සත් ජනපදය විසින් රටවල් දිරිමත් කරනු ලබන බව ද එම නිවේදනයේ දැක්වේ.
CCCC මැනිය නොහැකි තරමේ පාරිසරික හානියක් සිදුකිරීමටත්, ලෝ වටා අහිතකර ක්‍රියාවන්ට සම්බන්ධ වීමටත්, ඉන්දු ශාන්තිකර අස්ථාවරත්වය ඇති කිරීමටත් ක්‍රියා කර ඇතැයි ද එහි සඳහන් ය.
එම සමාගමේ අයුතු ක්‍රියාවන්ගෙන් ආරක්ෂා වීම සඳහා සහ තමන්ගේ ස්වෛරීත්වය හා යහපත ආරක්ෂා කර ගැනීම සඳහා CCCC සමඟින් තමන්ගේ ඇති ගනුදෙනු පිරික්සුමට ලක් කිරීමට රටවල් විසින් ක්‍රියාකරනු ඇතැයි ද එක්සත් ජනපදය යේ බලාපොරොත්තුව බව ද එම නිවේදනයේ සඳහන් ය.
දකුණු චීන මුහුදේ ආරවුලට තුඩු දී ඇති ප්‍රත්‍යන්ත ස්ථානවල සිදුකෙරෙන මහාපරිමාණ ගොඩකිරීම්, ඉදිකිරීම් හෝ හමුදාකරණය සඳහා හෝ අග්නිදිග ආසියානු හිමිකම් ඇති වෙරළ සම්පත් කරා ප්‍රවේශවීම සීමා කිරීමේ අරමුණින් චීන ජනරජය ඔවුන් වෙත බලාත්කාරයේ යෙදවීම සඳහා වගකිවයුතු හෝ සහාය දෙන මහජන චීන ජනරජ පුද්ගලයින් මත වීසා සීමා කිරීම් පැනවීමට එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුව අගෝස්තු 26 වන දින කටයුතු කර ඇතැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
එම පුද්ගලයින්ට එක්සත් ජනපදයට ඇතුළුවීමට නොහැකි වන අතර, ඔවුන්ගේ ආසන්නතම පවුලේ සාමාජිකයින් ද මෙම වීසා සීමා කිරීම් සඳහා පාත්‍රවීමට ඉඩ ඇතැයි ද ඔවුන් නිවේදනය කරයි.
තව ද CCCC සමාගමේ පරිපාලිත සමාගම් කිහිපයක් ද ඇතුළුව, මහජන චීන ජනරජයට අයත් රාජ්‍ය ව්‍යාපාර 24ක් ද, වාණිජ දෙපාර්තමේන්තුව විසින් අස්ථිත්ව ලැයිස්තුවට (Entity List)ඇතුළත් කර තිබේ.
මෙම සම්බාධක යටතේ, එක්සත් ජනපදයේ උත්පාදිත ඇතැම් භාණ්ඩ ඉහත කී අස්ථීත්ව ලැයිස්තුවට ඇතුළත් වී තිබෙන සමාගමක වෙත ලබාදීමට ප්‍රථමයෙන් අපනයන පරිපාලනය රෙගුලාසි යටතේ බලපත්‍රයක් ලබා ගැනීමට අවශ්‍ය විය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.



ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...