20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ආණ්ඩුව ශිෂ්ඨත්වයේ සිට අශිෂ්ඨත්වය කරා ගමන් කිරීමට උත්සාහ දරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
අද (04) පැවති මාධ්‍ය හමුවක දී එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඒ බව ප්‍රකාශ කළේය.
“20 වන සංශෝධනය හරහා යළි මේ ආණ්ඩුව උත්සහ කරමින් සිටින්නේ ශිෂ්ඨත්වයේ සිට අශිෂ්ඨත්වය කරා යාමට. අපි දන්නවා. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා යම් යම් අඩුපාඩුකම් සහිතව තිබුණේ. එහි කොමිෂන් සභාවල ක්‍රියාකාරීත්වය ජනතාව අපේක්ෂාකරන ලද ස්වාධීනත්වය අසමත් වී තිබුණා, එය අපි පිළිගත යුතුයි,” යනුවෙන් ඒ මහතා පැවසීය.
“ආණ්ඩුවක් සමාජය ශිෂ්ඨත්ව කරා ගෙන යනවා නම් කළ යුතුව තිබුණේ එම ස්වාධීන කොමිෂන් සභා ක්‍රියාකාර කරවීම හෝ අනෙකුත් ආයතන මෙහෙයවීමේ දී හෝ යම් අඩුවක් තිබුණා නම් ඒ අඩුව නිර්මාණය කිරීම සඳහා සංශෝධනයකට යා යුත්තේ, නමුත් ඒ වෙනුවට ඒ ක්‍රියාකාරීත්වයේ තිබූ යම් අඩුපාඩුකම් ඉවහල් කරගනිමින්, එය සම්පූර්ණයෙන්ම ගලවා ජනාධිපතිවරයා අතට යළි කේන්ද්‍රගත වීම මෙහි අඩංගු වී ඇත්තේ,“ යැයි අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...