දේශීය පුවත්

ප්‍රභූවරයකුගේ පෞද්ගලික ගමන් මල්ල පරීක්ෂා කරමින් ඔහුගේ කටයුතුවලට බාධා කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියක ඇතුළු තිදෙනකු එම පොලිසියෙන් මාරු කර යවා ඇතැයි වාර්තා වෙයි.

මාරු කෙරුණු අනෙක් දෙදෙනා උප පොලිස් පරීක්ෂකවරියක හා පොලිස් කොස්තාපල්වරයෙකි.

ඉහත සඳහන් කළ ප්‍රභූවරයා පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණ සිටියදී ඔහුගේ ආරක්ෂක නිලධාරියකු ප්‍රභූවරයාගේ පෞද්ගලික දෑ අඩංගු ගමන් බෑගය රැගෙන පාර්ලිමේන්තු නිලධාරි පිවිසුමෙන් ඇතුළුවීමට සූදානම් වූ අවස්ථාවේදී මෙම පොලිස් නිලධාරිනියන් දෙදෙනා හා පොලිස් කොස්තාපල්වරයා ඒ ආරක්ෂක නිලධාරියා මද වේලාවක් රඳවාගෙන එම ගමන් මල්ල පරීක්ෂා කරමින් ප්‍රභූවරයාගේ කටයුතුවලට බාධා වන ආකාරයට හැසිරී ඇතැයි සඳහන් වෙයි.

සාමාන්‍යයෙන් විශේෂිත ප්‍රභූවරයකුගේ පෞද්ගලික ගමන් බෑගය සම්බන්ධයෙන් කිසියම් වූ අවබෝධයකින් කටයුතු කිරීම සාමාන්‍ය ක්‍රමවේදය වුවත් මේ සිද්ධියේදී එම තිදෙනා අනවබෝධයෙන් කටයුතු කර ඇති ආකාරයක් පෙනෙන්නට තිබෙන බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.

දැනගන්නට ඇති අන්දමට මේ ස්ථාන මාරුවීම් කරනු ලැබ ඇත්තේ වැඩබලන පොලිස්පතිවරයා විසිනි.

මේ අතර පාර්ලිමේන්තු පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.එල්. ලියනගේ මහතා ද පොලිස් මූලස්ථානයට මාරු කරනු ලැබ සිටියි.

කෙසේ වෙතත් ඔහුගේ එම ස්ථාන මාරුවීම ඉහත සිද්ධියට පෙර සාමාන්‍ය ක්‍රමවේදය අනුව සිදු වූ එකක් බව පාර්ලිමේන්තු පොලිසිය පවසයි.

ලියනගේ මහතා මාරු කර යැවීමෙන් හිස් වූ පාර්ලිමේන්තු පොලිසියේ ස්ථානාධිපති තනතුරට ප්‍රධාන පොලිස් පරීක්ෂක වී.පී.ඊ. ප්‍රනාන්දු මහතා පත් කරනු ලැබ සිටී.

ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රනාන්දු මහතා ගමන් මලු පරීක්ෂා සිද්ධිය සම්බන්ධයෙන් ස්ථාන මාරුවීම් ලැබූ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියගේ ස්වාමි පුරුෂයා වීම මෙහි ඇති විශේෂත්වයයි.

SL Story



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More