ශ්රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුව වසර දහයකටවත් සෙලවිය නොහැකි බව විශ්වාස යැයි එක්සත් ජාතික පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයකු වන හිටපු ඇමැති ජෝන් අමරතුංග මහතා පවසයි.
විශාල පිරිසකට රැකියා ලබාදෙමින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුව සිදුකරන සේවාවත් ආණ්ඩුවේ ක‍්‍රියාමාර්ගත් නිසා රටවැසියන් පැහැදීමෙන් සිටින නිසා ආණ්ඩුව තව වසර දහයකින්වත් සෙලවිය නොහැකි යැයි හැෙඟන බව ජෝන් අමරතුංග මහතා පැවසීය. යහපාලන ආණ්ඩුව එදා ජනතාවගේ ප‍්‍රශ්න ගැන සොයා බලා කැපවීමෙන් කටයුතු කළා නම් එක්සත් ජාතික පක්‍ෂය අද මෙම තත්ත්වයට පත්වෙන්නේ නැතැයි ද හෙතෙම කීවේය.
යහපාලන ආණ්ඩුව තරුණයන්ට රැකියාවක් හෝ ලබාදීමට අපොහොසත් වූ බවත් වත්මන් ආණ්ඩුව රැකියා ලක්‍ෂ ගණනක් ලබාදීමට කටයුතු කිරීම ඉතා වැදගත් බවත් ජෝන් අමරතුංග මහතා සඳහන් කළේය.
එජාපය එදා කළ වැරදිවලට අද වන්දි ගෙවන බව ද ඒ මහතා කීවේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...