දේශීය පුවත්

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රභල දේශපාලනඥයෙකුගේ බලපෑම මත මහනුවර හන්තාන කඳු වැටියේ මීටර් 3000ට ඉහළ පරිසර සංවේදී ප්‍රදේශයේ අක්කර 19ක භුමි ප්‍රදේශයක් හෙළි කරන බවට හන්තාන සුරකින්නන්ගේ සංගමය පෙන්වා දෙයි.

මෙම සිද්ධිය පිටුපස සිටින මහනුවර දිස්ත්‍රික්කයේ දේශපාලනඥයා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්‍ෂමන් කිරිඇල්ල මහතා බවට තොරතුරු අනාවරණය වී තිබේ.

ඔහුගේ අනුදැනුම මත හෙළිපෙහෙළි වන මෙම භූමිය ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයත් ඉඩමක් බවද වාර්තා වේ.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂමන් කිරිඇල්ල මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනයයි. – හන්තාන ඉඩම පෞද්ගලික අයිතිය ඇති ඉඩමකි.

පසුගිය දිනවල විවිධ මාධ්‍ය හරහා මාගේ පවුලට අයිතිය ඇති හන්තාන ඉඩම පිළිබදව විවිධ සාවද්‍ය තොරතුරු ප‍්‍රචාරය කර ඇත. එම පුවතට අදාල අක්කර 8 ක ඉඩම් කොටස මීට වසර 30 කට පෙර 1990 නොවැම්බර් මස 30 වන දින පමුණුව පදිංචි ඉඩම් හිමි වැවිලිකරු අංදිරිස් ජයසිංහ යන අයගෙන් මා විසින් සින්නක්කරව මිළදීගත් ඉඩමකි.

මෙම ඉඩම අවම වශයෙන් 1947 වර්ෂයේ සිට පෞද්ගලික අයිතිකරුවන්ට හිමිවූ බව ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ ලේඛණවල පැහැදිලිව සදහන්වේ. තවද අපගේ අයිතිය ප‍්‍රාදේශීය සභාවේද ලියාපදිංචිවී ඇත. අදාල පුවතට අයත් හන්තාන ඉඩම රජයට අයත් ඉඩමක් නොවේ.

මෙම ඉඩම හන්තාන රක්‍ෂිතයට අදාලව පනවා ඇති රෙගුලාසි අනුව මුහුදු මට්ටමේ සිට අඩි 3000 කට ඉහලින් පිහිටා ඇති බව මා පිළිගන්නා අතර. හන්තාන සුරුකීමේ නීති රීති අනුව හන්තාන රක්‍ෂිත කළාපයේ ගොඩනැගිලි ඉදිකිරීම් තහනම් වුවද, ඉඩමේ හිමිකරුවන් හට හන්තාන සුරැුකීමේ කමිටුවේ නිර්දේශයට යටත්ව තම ඉඩම්හි කාබනික වගා කටයුතු සිදුකිරීමට අයිතිය ඇත. ඒ සදහා මේ වනවිටත් හන්තාන සුරුකීමේ කමිටුව වෙතින් කාබනික වගා කටයුතු සදහා අනුමැතිය අයදුම්කර ඇත.

නව රජය පත්වීමෙන් පසු වගා කටයුතු පිළිබදව රට තුල ඇති කල උද්යෝගයත් සමග මා හට අයත්, මීට පෙර තේ හා ගම්මිරිස් වගාකර තිබූ, හන්තාන ඉඩමට ඇතුළුවීමට තිබූ අපහසුතාවය හේතුකොටගෙන, ඉඩමෙහි යම් යම් කොටස්වල උසට වැවී තිබූ තණ කොළ පමණක්, ඉතා වගකීමෙන් හා සැළකිල්ලෙන් අඩු කරන ලදී. ඉඩමෙහි හිමිකරු වශයෙන් ඒ සදහා මා හට අයිතියක් ඇත.

පරිසරයට ආදරය කරන ශී‍්‍ර ලාංකිකයකු වශයෙන් මාගේ මෙම පෞද්ගලික ඉඩමෙහි කිසිදු ගස් කැපීමක් හෝ කිසිදු පරිසර හානියක් සිදුවී නොමැති බව ඉතා වගකීමෙන් යුතුව ප‍්‍රකාශ කරමි. හන්තාන රක්‍ෂිතය පිළිබද රෙගුලාසි ඇතුලත් ගැසට් පත‍්‍රයේ පිටපතක් මා විසින් මහනුවර පොලිසිය වෙතද ලබාදී ඇත.

පටු දේශපාලන වාසි උදෙසා, විවිධ පාර්ශවයන් විසින් නොයෙක් මාධ්‍ය හරහා මාගේ සහ පවුලේ කීර්තිනාමයට හානි වන ලෙස මෙවැනි අසත්‍ය පුවත් ප‍්‍රචාරය කිරීම පිළිබදව මාගේ කණගාටුව ප‍්‍රකාශ කරමි.

ස්තූතියි,
මෙයට විශ්වාසී,

අධිනීතීඥ ලක්‍ෂ්මන් කිරිඇල්ල
මහනුවර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර,
ශි‍්‍ර ලංකා පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More