රැඳවුම් භාරයේ සිටින හිටපු කොටි ත‍්‍රස්තයන් 82 ක් මුදාහරින ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් කළ ඉල්ලීම රජය ප‍්‍රතික්‍ෂේප කර ඇත.
ගුවන්යානාවලට මිසයිල ප‍්‍රහාර එල්ල කිරීම, ගත්කතුවරයකු ඇතුළු දේශීය සංචාරක කණ්ඩායමක් බිම්බෝම්බ අටවා මරා දැමීම වැනි බිහිසුණු අපරාධ චෝදනා මෙම හිටපු කොටින්ට එල්ල වී ඇත.
හිටපු කොටි ත‍්‍රස්තයන් යුද අපරාධ චෝදනාවලින් බේරා ගැනීමේ අරමුණින් මෙම ඉල්ලීම කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පැවසීය.
අත්අඩංගුවේ සිටින මෙම හිටපු කොටි දේශපාලන සිරකරුවන් ලෙස දක්වා ඇතත් ඔවුන් දේශපාලන සිරකරුවන් ලෙස පිළිගන්නේ නැතැයි රජය පවසයි.
රැඳවුම්භාරයේ සිටින ප‍්‍රධාන පෙළේ හිටපු කොටි ක‍්‍රියාකාරීන් 6ක් යහපාලන රජය සමයේ අබිරහස් ලෙස නිදහස් වූ බවද එම ආරංචි මාර්ග පළ කළේය.
Divaina

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...