දේශීය පුවත්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය අහෝසි කරමින් ගෙන එන 20 වැනි ව්‍යාවස්ථා සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය ඊයේ (03 වැනිදා) නිකුත් කෙරිණි.

එම සංශෝධනයට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙනුවට පාර්ලිමේන්තු සභාවක් ස්ථාපිත කිරීමට යෝජනා වී ඇති අතර මෙතෙක් පැවැති ස්වාධීන කොමිෂන් සභා 11, 07 දක්වා අඩු කර ඇත.

එසේම මෙතෙක් පැවැති පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ වසර හතරක හමාරක් වූ කාලසීමාව වසර 01 දක්වා අඩු කර ඇති අතර ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත් කිරීමේ බලය ජනාධිපතිවරයාට පැවරීම මෙම 20 වැනි සංශෝධනය කෙටුම්පත මගින් සිදු කර ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීමේ දී ද්විත්ව පුරවැසියකු වීම නුසුදුසුකමක් ලෙස මෙතෙක් දක්වා තිබූ ප්‍රතිපාදනද මෙම නව සංශෝධනයෙන් ඉවත් කර තිබේ.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳ සවිස්තර වාර්තාවට පහතින් පිවිසෙන්න –

රට කරවන 20 මෙන්න

 

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More