හැකි තරම් ඉක්මනින් පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවට යෝජනාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සංසදය විසින් සම්මත කර ගත් බව එම සංසදයේ සභාපති සබරගමුව පළාත් සභාවේ සභාපති කාංචන ජයරත්න මහතා පවසයි.
අද (03) නෙළුම්මාවතේ පිහිටි පොදුජන පෙරමුණ ප්‍රදාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව අනාවරණය කළේය.
පළාත් සභා අහෝසි කළ යුතු බවට රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශයට ඔහු එහිදී දැඩි විරෝධය දැක්වූ අතර එම ප්‍රකාශය පිළිකුලෙන් යුතුව හෙළා දකින බවද පැවසීය.
ඔහු කියා සිටියේ රාජ්‍ය අමාත්‍යවරයා විසින් කරන ලද ප්‍රකාශය පුද්ගලික ප්‍රකාශයක් මිස රජයේ අදහස වූ පක්ෂයේ ප්‍රතිපත්තිය නොවන බවයි.
විසි වෙනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට පෙර පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.
මේ අතර අද ජාතික සංවිධාන එකමුතුව කොළඹ කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර මහතා පවසා සිටියේ පළාත්සභා මැතිවරණය පැවැත්වීමට පෙර නව ව්‍යවස්ථාව සකස්කොට සම්මත කළ යුතු බවය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...