ව්‍යාපාරික පුවත්

කහ සහ ගම්මිරිස් සඳහා ස්ථාවර මිලක් දී වගාකරුවන් රැකගත යුතුයැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කරයි.

කහ සහ ගම්මිරිස් වගාකරුවන් ආරක්ෂා කිරීමට එම භෝග ආනයනය සම්පූර්ණයෙන් නතර කෙරිණ. අන්තර්ජාතිකව වෙළෙඳපොළ සොයා වැඩි අපනයනයක් මගින් උපරිම මිලක් ඉපැයීමට අවශ්‍ය පරිසරය සැකසීමේ අවශ්‍යතාව ද ජනාධිපති පෙන්වා දෙයි.

උක්, බඩඉරිගු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබු නැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සවංර්ධනය ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබදව අද (03) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදි ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

කහ සහ ගම්මිරිස් අවශ්‍යතාව දේශීය වගාවෙන් සපුරා ගැනීමටත්, අගය එකතු කළ නිෂ්පාදන ලෙස අපනයනයටත්, විධිමත් සැලසුම් සැකසීම ගැන දීර්ඝව සාකච්ඡා කෙරිණ.

මෙරට වාර්ෂික බඩඉරිගු ඉල්ලුම මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 05කි. එය සපුරාගැනීමට වගා කළයුතු බිම් ප්‍රමාණය හෙක්ටයාර එක්ලක්ෂ දස දහසක් වේ. දැනට හෙක්ටයාර 80,000ක බඩ ඉරිගු වගා කෙරෙන අතර ඉදිරි වසර අවසානය වන විට හෙක්ටයාර එක්ලක්ෂ දස දහසක බිම් ප්‍රමාණයක් අස්වැද්දීම රජයේ අරමුණයි.

ගම්මාන 100ක කහ සහ ඉගුරු වගාකිරීමට පියවර ගෙන ඇති අතර කුරුඳුගහහැතැම්ම ප්‍රදේශයේ අපනයන කලාපයක් ස්ථාපනය කිරීමට සැලසුම් කර තිබේ. මිරිස් පරිභෝජනය වෙනුවට ජනතාව අතර ගම්මිරිස් ප්‍රචලිත කිරිමේ වැදගත්කම ජනාධිපති විසින් පෙන්වා දෙනු ලැබිණ.

පාකිස්ථානය මෙරට බුලත්වල ප්‍රධාන ගැණුම්කරුවෙකි. කොවිඩ් වසංගතයත් සමග ගුවන් ගමන් වාර සීමාවීම නිසා අපනයනය පහත වැටිණ. ගුවන් සමාගම් සමග සාකච්ඡා කර ඊට විසදුම් සොයන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

විශ්ව විද්‍යාල මගින් සුළු අපනයන භෝග ආශ්‍රිත අගය එකතුකිරිමේ නිෂ්පාදන පිළිබඳ පර්යේෂණ පුළුල් කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපති අවධාරණය කළේය.

උක් කර්මාන්තයේ සහ කජු වගාවේ ප්‍රවර්ධනය පිළිබඳවත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More