පළාත්සභා මැතිවරණය පැවැත්වීමට පෙර නව ව්‍යවස්ථාව සකස්කොට සම්මත කළ යුතු බව සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර මහතා පවසයි.
ඒ මහතා එසේ සඳහන් කළේ අද (03) දින ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානය විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ආණ්ඩුවට ජනවරම ලැබුණේ නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමට බැවින් 13ත් නැති, 19ත් නැති, 16ත් නැති ව්‍යවස්ථාවක් මගින් ජනතා අපේක්ෂා ඉටු කළ යුතු බව ඒ මහතා අවධාරණය කරයි.
එහිදී අදහස් දැක්වූ නීතිඥ කල්‍යානන්ද තිරානගම මහතා සඳහන් කළේ ජනාධිපතිතුමා විසින් පත් කළ ව්‍යවස්ථා සම්පාදක කමිටුවට අමාත්‍ය මණ්ඩලය මගින් නිර්දේශ රාමුවක් ලබා දිය යුතු බවත් එම කමිටුව විසින් මහජන අදහස් ලබා ගත යුතු බවය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...