දේශීය පුවත්

කුරුඳු අපනයනය කරන මුවාවෙන් කසළ තේ ඉරාකයට යැවිමේ ජාවාරමක නිරත වූ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

රේගු අවදානම් කළමනාකරණ ඒකකයේ නිලධාරින් විසින්  සිදුකළ විමර්ශනවලට අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

කුරුඳු බාහලුමක් ඉරාකයට අපනයනය කිරීම සඳහා රේගු අංගනයේ රඳවා තිබිය දී ඒ සම්බන්ධයෙන් සැකසිතූ රේගු නිලධාරින් අදාළ බහලුමේ අපනයනකරුට සහ වාප්පු ලිපිකරුට රේගුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණි.

එහෙත් අදාළ සැකකරුවන් රේගුව හමුවේ පෙනී නොසිටිම හේතුවෙන් අධිකරණ නියෝගයක් ගෙන ඔවුන් අත්අඩංගුවට ගැනිමට කටයුතු කළ බව රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

සැකකරුවන් අත්අඩංගුවට ගැනිමෙන් අනතුරුව අපනයනය කිරිමට සැලසුම් කර තිබූ රේගු බහලුම පරීක්ෂා කර ඇති අතර එහි තිබූ කසළ තේ මෙට්‍රික් ටොන් 1000ක් සොයාගෙන තිබේ.

මේ ආකාරයට කුරුඳු අපනයනය කරන බව රේගුවට පවසා කන්ටේනර් බහලුම් 70ක් පමණ මේ වන විට ඉරාකයට යවා ඇති බවට රේගුව සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත.

මෙම ජාවාරමට සම්බන්ධ  සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගැනිම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව රේගු අවදානම් කළමනාකරණ අංශය සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More