ප‍්‍රතිකාර කිරීමට අසීරු වර්ග දෙකකට අයත් පියයුරු පිළිකාවල ෙසෙල විනාශ කිරීමේ හැකියාවක් මී මැස්සන්ගේ විෂෙහි පවතින සංයෝගයකට පවතින බව ඔස්ටේ‍්‍රලියානු විද්‍යාඥයන් පිරිසක් විසින් රසායනාගාර ආශ‍්‍රිතව සිදු කරන ලද පර්යේෂණයකදී අනාවරණය කර ගෙන තිබේ.
බටහිර ඔස්ටේ‍්‍රලියාවේ වෛද්‍ය පර්යේෂණ සඳහා වන හැරී පර්කින්ස් ආයතනයේ විද්‍යාඥයන් පිරිසක් විසින් සිදු කර ඇති මෙම පර්යේෂණයට අනුව මී මැස්සන්ගේ විෂවල අඩංගු ‘මෙලිට්ටින්’ නමැති සංයෝගයට මෙසේ ප‍්‍රතිකාර කිරීම අසීරු ‘ටි‍්‍රපල් නෙගටිව්’ හා ’හර්2 -එන්රිච්ඞ්’ යන පියයුරු පිළිකාවන්ගේ පිළිකා ෙසෙල විනාශ කිරීමට හැකියාව පවතී. මෙහිදී පර්යේෂකයන් විසින් මී මැස්සන් හා බඹරු 300කට අධික පිරිසකගේ විෂ පරීක්ෂා කර ඇති අතර මී මැස්සන්ගේ විෂෙහි පවතින එක්තරා සංයෝගයකට පැයක් ඇතුළතදී පිළිකා ෙසෙල විනාශ කළ හැකි බව අනාවරණය වී තිබේ. මෙහිදී එම මී මැසි විෂ නිරෝගී ෙසෙලවලට සිදු කර ඇත්තේ අඩු හානියක් බව මෙම පර්යේෂණය මෙහෙයවූ සියරා ඩෆි පවසන්නීය.
මෙම පර්යේෂණය සිදු කළ විද්‍යාඥයන්ට අනුව මේ පිළිබඳව වැඩිදුර පර්යේෂණ සිදු කිරීමට අවශ්‍යව තිබේ. මී මැස්සන්ගේ විෂ තුළ ‘මෙලනෝමා’ වැනි පිළිකාවන් මර්දනය කළ හැකි පිළිකා මර්දන සංයෝගයන් පවතින බව මෙයට පෙරද හෙළි වී තිබිණි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...