රටට පැමිණීමට නියමිත විදේශ ආයෝජන සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අමාත්‍යවරුන් 11 දෙනෙකුගෙන් යුත් කැබිනට් අනු කමිටුවක් පිහිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත
එම කමිටුවේ ප්‍රධානියා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාම කටයුතු කිරීමට නියමිතය.
රජයේ ප්‍රතිපත්තිය, ජාතික ආරක්ෂාව සහ එහි ඇඟවුම්, රාජ්‍ය අරමුදල් භාවිතය, නීත්‍යානුකූලභාවය, පාරිසරික ගැටලු, ඉඩම් හා හිමිකාරිත්වය භාවිතා කිරීම, රැකියා අවස්ථා, දේශීය වෙළඳපල කෙරෙහි ඇති කරන බලපෑම, විදේශ විනිමය හා බැංකු හා මූල්‍ය කටයුතු පිළිබඳ සොයා බැලීම මෙහිදී අපේක්ෂා කෙරේ.
උප කමිටුවේ සාමාජිකයින් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ අමාත්‍යවරුන් වන ඩග්ලස් දේවානන්ද, ගාමිණී ලොකුගේ, බන්දුල ගුණවර්ධන, ඩලස් අල්හප්පෙරුම, ජොන්ස්ටන් ප්‍රනාන්දු, විමල් වීරවංශ, මහින්ද අමරවීර, එස්.එම්. චන්ද්‍රසේන, වාසුදේව නානායකර සහ උදය ගම්මන්පිල කටයුතු කරයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...