සන්ගමන් කන්ද ප්‍රදේශයේ සිට නාවික සැතපුම් 38ක දුරින් වූ මුහුදේ යාත්‍රා කරමින් තිබූ තෙල් නෞකාවක ගින්නක් හටගෙන තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසුවේ පැනමා රාජ්‍යයට අයත් “MT NEW DIAMOND“ නම් වූ නෞකාවක මෙම ගින්න හටගෙන ඇති බවය.
සන්ගමන් කන්ද ප්‍රදේශයේ සිට නාවික සැතපුම් 38ක දුරින් නැගෙනහිර මුහුදේ නෞකාව ස්ථානගත කර ඇති බව නාවික හමුදාව සඳහන් කළේය.
නෞකාවේ එන්ජින් කාමරයේ ගින්න හටගෙන ඇති අතර එය මෙතෙක් ප්‍රධාන තෙල් ටැංකි පිහිටා ඇති ප්‍රදේශ වෙත පැතිරගොස් නොමැති බවට වාර්තා වේ.
නෞකාව කාර්යය මණ්ඩල සාමාජිකයින් 23 දෙනෙකුගෙන් සමන්විත වන අතර ඔවුන්ගේ සහායට නාවික හමුදාවේ නෞකා 3 මේ වනවිට පිටත් කර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...