දේශීය පුවත්

වත්මන් ආණ්ඩුවට මෙලෙස බලය ලබා දී ඇත්තේ රටේ ජනනතාවගේ මනස විකෘති වී ඇති බැවින් යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පැවසුවාය. ‘ඔක්සිජන් කන්නද’ , ‘පරිසරවේදීන්ට මැන්ටල්’ වැනි කතා කියන ජනතාවක් විසින් රටට ජනාධිපතිවරයෙක් සහ පාර්ලිමේන්තුවට ‘‘හොරු රැලක්’’ පත්කරගෙන ඇතැයි ද ඇය පැවසුවාය.

ඇය මේ බව ප්‍රකාශ කළේ ඊයේ (2 වැනිදා) සමගි ජනබලවේග පක්ෂ මූලස්ථායේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

” 19 නිසා රටේ ජනතාව භුක්ති විඳින දේවල් ගැන තේරෙන්නේ ඕක නැති වෙච්ච දවසක. රටේ ජනතාව මහජනතාව විදිහට ඉන්නවද, නැතිනම් 18ට අපහු ගිහින් යටත් වැසියෝ විදිහට ඉන්නවද කියල තීරණය කළ යුතුයි. 18ට නැවත යනව කියන්නේ නැවත රාජපක්ෂවරුන්ට බලය ලබාදීම. සරත් වීරසේකර මහත්තය කියනව පළාත් සභා ඕනෙ නැහැ කියලා. නමුත් මේ ගොල්ලො කවදාවත් 13 අහෝසි කරන්නේ නැහැ. මොකද මේක රටවල් දෙකක් අතර ඇතිකරගත්තු ගිවිසුමක්. මම සරත් වීරසේකර මහත්තයගෙන් අහන්න කැමතියි දැන් රටේ ජාතික ප්‍රශ්නෙ විසඳිලද කියලා?

දේශපාලනඥයන්ට ජාතිවාදීව මේ ප්‍රශ්න දිගටම පවත්වාගෙන යන්න ඕන නිසා තමයි පළාත් සභා එපා කියන්නේ. මේ වෙලාවෙ ඉන්දියාව වචනයක් කතා කරපු ගමන් ඔය කට්ටිය හාන්සියි.

ඒ නිසා තමයි අපි 19 තවත් ශක්තිමත් කළ යුත්තේ. දහ අට ආයෙත් ආවොත් ජනාධිපතිගේ ධුර කාලය සීමාවක් නැතිවෙනවා. ගෝඨාභය මැතිතුමාගෙන් පස්සේ බැසිල්වයි, ඊට පස්සේ නාමල්වයි, රාජපක්ෂල විතරද මේ රටේ දේශපාලනය කළ යුත්තේ? සාමාන්‍ය දේශපාලනඥන්ට නැගිටින්න අවස්ථාවක් දෙන්නෙ නැද්ද? මොන කරුමයක්ද මේක? රාජපක්ෂල රඳා පවතින්නේ මිනිස්සු අතර ප්‍රශ්න ඇතිකරලා . මිනිස්සු බෙදල පාලනය කිරීම. අද ළමා අපචාර වැඩිවෙලා. ජනතාවගෙ මනස විකෘති වෙලා. එහෙම නැත්නම් මෙහෙම ආණ්ඩුවක් පත්කර ගන්නේ නැහැනෙ. ජනතාවට මේ දේවල් තේරෙන දවසට රට විනාශ වෙලා ඉවරයි.’’



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More