ඡන්ද විමසීමකින් තොරව නව නායකයා තෝරා පත්කර ගැනීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ (2 වැනිදා) තීරණය කරන ලදී.
පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයන් පිරිසක් සමග සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බව වාර්තා වෙයි. පක්ෂයේ නව නායකයා තේරීම මීළඟ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී සිදුකිරීමට නියමිතය.
හෙට (04 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම තවත් සතියකින් කල් දැමීමටද පක්ෂ නායකත්වය තීරණය කර ඇත.
පක්ෂ නායකත්වය ලබාගැනීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන සහ රුවන් විජයවර්ධන ඉදිරිපත් වන බව දැනටමත් ප්‍රකාශ කර ඇත. හිටපු කථානායක කරු ජයසූරිය පක්ෂ නායකත්වයට සුදුසු බවට යෝජනාවී තිබේ. කෙසේ වෙතත් කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම තවත් සතියකින් කල් දමා ඇත්තේ පක්ෂයේ 73 වන සංවත්සරය එළැඹෙන 06 වැනිදා යෙදී තිබීම හේතුවෙනි. ඒ වෙනුවෙන් සර්ව ආගමික වැඩසටහනක් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට තීරණය කර ඇත.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...