දේශීය පුවත්

හෙරොයින් (මත්ද්‍රව්‍ය) භාවිතයට යොමුවූ තරුණයන් පුනරුත්ථාපනය කිරීමේ ප‍්‍රධාන මධ්‍යස්ථානයක් පවත්වා ගෙන ගිය පාස්ටර්වරයකු ජාවාරම් කිරීමට සන්තකයේ තබාගෙන සිටි රුපියල් ලක්‍ෂ 30 ක් පමණ වටිනා හෙරොයින් ග‍්‍රෑම් 300 ක් සමග මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් ඊයේ (2 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධියට අදාළ පාස්ටර්වරයා විසින් මත්ද්‍රව්‍ය විරෝධී විශාල සටනක් ගෙන ගිය අතර කොච්චිකඬේ දළුවාකොටුව ගම්වාසීහුද එක්වී ඊට සහාය පළ කළහ. මේ අතර මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ සේවයේ නියුතු උ.පො.ප.වරුන් වන චතුර රත්නායක සහ අශේන් චාමිකර යන මහත්වරුන්ට පාස්ටර්වරයා විසින් ඉතා රහසිගතව මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය අලෙවි කරමින් රුපියල් කෝටි ගණනින් මුදල් උපයා ගන්නා බවට දැනගන්නට ලැබී ඇත.

එම තොරතුරු අනුව මීගමුව දිසා අපරාධ කොට්ඨාසය මගින් ඔහු වෙසෙන නිවස සහ දේශන ශාලාව වටලා ඇත. මෙම පොලිස් වැටලීමත් සමග දළුවකොටුව ගම්මානයේ ප‍්‍රදේශවාසීන් දැඩි කම්පනයට පත්ව පොලිසිය පාස්ටර්වරයා අත්අඩංගුවට ගැනීම වළකා ඇත. එහෙත් පාස්ටර්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳව හෙළිවීම හේතුවෙන් පසුව ප‍්‍රදේශවාසීන් නිහඬ වී ඇත.

සැකකරු සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර පරීක්‍ෂණවලින් අනාවරණයවී ඇත්තේ හෙතෙම හෙරොයින් ජාවාරම් සිදුකරන්නේ මහා පරිමාණයෙන් පමණක් බවයි. පාස්ටර්වරයා විසින් මෙහෙයවන කුඩු ජාවාරමට සම්බන්ධ තවත් ප‍්‍රධාන පෙළේ සැකකරුවන් සිව් දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන අරඹා තිබේ.

අත්අඩංගුව ගත් දළුවකොටුව පාතිමා වත්තේ දෙවන පටුමග අංක 272 හි පදිංචි තිදරු පියකු වන 42 හැවිරිදි කේ. සුරේන්ද්‍ර කමල් සිල්වා නමැති පාස්ටර්වරයාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සහාය දුන් ප‍්‍රධාන සැකකරුවන් පිළිබඳව විමර්ශන කිරීම සඳහා ඔහු රැුඳවුම් නියෝග මත රඳවා වැඩිදුර විමර්ශන ආරම්භ කිරීමට මීගමුව අපරාධ කොට්ඨාසය විසින් මීගමුව අධිකරණයෙන් අවසර ලබාගෙන ඇත.

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්, බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රසාද් රණසිංහ, මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරා යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය මත මීගමුව අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක සම්පත් දිසානායක මහතා වැටලීම මෙහෙය විය. එම වැටලීමට උ.පො.ප. චතුර රත්නායක, උ.පො.ප. අශේන් චාමිකර, සැරයන් (25906) අනුර, කොස්තාපල්වරුන් වන (75923) රණතුංග, (88073) බණ්ඩාර සහ (89056) කනිෂ්ක යන නිලධාරීහු සහභාගී වූහ. වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More