සේවක අර්ථසාධක අරමුදලේ වත්මන් ශේෂය සම්බන්ධයෙන් තොරතුරු මාස්පතා ජනතාවට සිය ජංගම දුරකතනයට කෙටි පණිවිඩයක් ඔස්සේ ලබාදීමේ වැඩිපිළිවෙලක් ආරම්භ කරන බව කම්කරු දෙපාර්තමේන්තුව පවසයි.
කම්කරු කොමසාරිස් ජනරාල් ඒ. විමලවීර සදහන් කළේ ජාතික හැදුනුම්පත් අංකය ඇතුළත් කර එම ශේෂය දැන ගැනීමට මෙතෙක් කි‍්‍රයාත්මක කළ වැඩපිළිවෙල මේ වනවිට නතර වී ඇති බවයි.
කම්කරු කොමසාරිස් ජනරාල් ඒ. විමලවීර මෙම අදහස් පළ කළේ අද (02) උදෑසන ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. බැලූම්ගල අන්තිම සටන වැඩසටහනට එක්වෙමින් ජනතාවගේ ප‍්‍රශ්න සදහා පිළිතුරු ලබාදුන් අවස්ථාවේදීයි.
සේවක අර්ථසාධක අරමුදලේ වත්මන් ශේෂය සම්බන්ධයෙන් තොරතුරු ජංගම දුරකතනයට ලබාදීමේ වැඩපිළිවෙල ආරම්භ කිරීම සදහා දැනටමත් කටයුතු සූදානම් බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණි.
B කාඞ්පත සම්බන්ධයෙන් ජනතාවට ඇති ගැටළුවලටද මෙහිදී පිළිතුරු ලබාදුන් අතර ඒ අනුව B කාඞ්පත නොමැති අවස්ථාවලදී සේවක අර්ථසාධක අරමුදල් ලබාගත හැකි ක‍්‍රමවේදයද පැහැදිලි කෙරුණි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...