මහනුවර රෝහල් පටුමග ප්‍රදේශයේ හෙරොයින් ග්‍රෑම් 62යි මිලිග්‍රෑම් 350ක් සමග කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ අද පෙරවරුවේ මහනුවර පොලීසියේ කොට්ඨාශ දුෂණ මර්ධන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරා කාන්තාව අත්අඩංගුවට ගත් බවයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ වයස අවුරුදු 33ක් වූ එම කාන්තාවගේ අත්බෑගයේ තිබී හෙරෝයින් සහ මුදලින් රුපියල් පනස්දහසක් සොයා ගැනීමට හැකි බව පොලීසිය පැවසීය.
අත්අඩංගුවට ගත් මත්කුඩුවල වටිනාකම රුපියල් ලක්ෂ හතහමාරක් පමණ වන බව පොලීසිය සදහන් කළේය.
සැකකාර කාන්තාව විසින් ඇගේ පෙම්වතා ඇසුරු කළ තරුණියක් ඝාතනය කර තිබෙන බවත් එම සිද්ධිය සම්බන්ධයෙන් විභාග වූ නඩුවේදී වරද පිළිගැනීම නිසා ඇයට බරපතල වැඩසහිත වසර නවයක සිර දඬුවමක් ලැබී තිබෙන බවත් කී මහනුවර කොට්ඨාශභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා ඇය මෙයට මාස අටකට පමණ පෙර නිදහස්ව පැමිණ තිබෙන බවද ප්‍රකාශ කළේය.
රාජාංගණයේ පදිංචි අදාළ කාන්තාව සිරදඬුවම් විඳ නිදහස ලැබීමෙන් පසු බන්ධනාගාරයේදී හමුවී කාන්තාවගේ උපදෙස් මත ඇයගේ මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු වලට සම්බන්ධවී තිබෙන බව පරීක්ෂණ මගින් හෙළිව තිබේ.
Aruna

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...