දේශීය පුවත්

සමගි ජනබලවේගය පක්ෂය සමඟ අනෙකුත් පක්ෂ සන්ධානගත වී සිටින නිසා එම පක්ෂයේ ව්‍යවස්ථාව වෙනස් කර සන්ධානයක් ලෙස ඉදිරියට ගමන් කිරීමට අවශ්‍ය කටයුතු සකස් කරන ලෙසත් තනි නායකයෙකු වෙනුවට නායකත්ව මණ්ඩලයක් පත් කරන ලෙසත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් ඉල්ලීමක් කර ඇති බව එම පක්ෂයේ ලේකම් නිසාම් කාරිප්පර් පැවසීය.

පසුගිය ජනාධිපතිවරණය සමයේ එක්සත් ජාතික පක්ෂය සමඟ අනෙකුත් පක්ෂ සන්ධානගත වූ මොහොතේ රනිල් වික්‍රමසිංහට සන්ධානගත වූ පක්ෂ නායකත්ව මණ්ඩලයක් පත් කරන ලෙස ඉල්ලීමක් කළ බවත් ඒ සඳහා අවශ්‍ය ව්‍යවස්ථාවක්  තමන් සහ ජයම්පති වික්‍රමරත්න සකස් කළ නමුත් අවසන් මොහොතේ රනිල් වික්‍රමසිංහ එම ක්‍රියාවලිය යටපත් කළ බවත් කාරියප්පර් පැවසීය.

නායකත්වය පවසන දෙයක් අසා රූකඩ මෙන් සිටිනවා වෙනුවට සමගි ජන බලවේගය තුළ සන්ධානගතවී සිටින සියලු දෙනාටම එක හා සමානව කටයුතු කිරීමට අවස්ථාවක් ලබා ගැනීමට මෙම ඉල්ලීම ඉදිරිපත් කළ බවත් ඒ මහතා පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More