රුසියානු සමූහාණ්ඩුවට අයත් යුද නෞකා තුනක් හම්බන්තොට වරායට සේන්දු වී ඇති බව නාවික හමුදාව තහවුරු කොට ඇත.
“අද්මිරාල් ට්‍රිබක්” සහ ” අද්මිරාල් විනොග්‍රදොව්” යන ප්‍රති සබ්මැරීන යුද නෞකා ද්විත්වය සහ “බොරිස් බුටෝමා” යන සැපයුම් නෞකාව මෙසේ ඊයේ සවස හම්බන්තොට වරායට සේන්දු වූ බව නාවික හමුදාව සඳහන් කළේය.
සැපයුම් අවශ්‍යතා සඳහා සහ කාර්යමණ්ඩල විවේකය සඳහා හම්බන්තොට වරායට සේන්දු වූ මෙම නෞකාවන් හා සම්බන්ධ කටයුතු පවත්නා කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීමේ සෞඛ්‍ය උපදෙස් සහ ක්‍රමවේදයන්ට අනුව එම අපේක්‍ෂිත කාර්යයන් සඳහා පමණක් සීමා කිරීමට කටයුතු සූදානම් කර ඇති බව නාවික හමුදාව නිවේදනය කර තිබේ.
තවද මෙලෙස දිවයිනට සේන්දු වූ නෞකාවන් ත්‍රිත්වය එළඹෙන සැප්තැම්බර් 03 වන දින දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතව ඇත.




ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...