දේශීය පුවත්

ජාතික හැඳුනුම්පත සකස් කිරීමේ දී පවතින ගැටළුකාරී තත්ත්වය හේතුවෙන් භික්ෂූණීන් වහන්ලාසේ දැඩි අපහසුතාවයට පත්ව ඇති බව වාර්තා වේ.

කාන්තාවක මෙහෙණි සසුනට ඇතුළත් වීමෙන් පසු නව ජාතික හැඳුනුම්පතක් සකස් කළ යුතුව පවතින අතර ඇතැම් භික්ෂූණින් වහන්සේලා සඳහා මේ දක්වාත් එම හැඳුනුම්පත් ලැබී නොමැත.

මේ හේතුවෙන් භික්ෂූණීන් වහන්සේලාට විභාග සඳහා ඉදිරිපත් වීමට හෝ වෙනත් සමාජීය කටයුතු සඳහා ඉදිරිපත් වීමේදී ගැටලු රැසකට මුහුණ පා ඇත.

මේ සම්බන්ධයෙන් “අද දෙරණ“ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාගෙන් විමසීමක් කළ අතර එහිදී ඔහු සඳහන් කළේ අදාල ගැටලුව සම්බන්ධයෙන් තමා දැනුවත්ව සිටින බවත්, ඒ අනුව ජාතික හැඳුනුම්පත් සකස් කිරීමට උපදෙස් ලබා දී ඇති බවය.

එමෙන්ම භික්ෂූණීන් වහන්සේලා සිටින ආරාම ලියාපදිංචි කිරීමේ කටයුතු ද මේ වන විට ආරම්භ කර ඇති බව ද ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More