විදේශ පුවත්

විටමින් B12 මගින් කොරෝනා වෛරසයේ ගුණනයට බාධා ඇතිවන බව සොයාගෙන තිබේ. ඉන්දියානු මනිපාල් උසස් අධ්‍යාපන ඇකඩමිය හා කලාපීය ජෛව තාක්ෂණික ආයතනය එක්ව පරිගණක ආකෘති මගින් කරන ලද අධ්‍යයනයකදී මේ බව සොයා ගෙන තිබේ.

SARS-Cov-2 ගෙනෝමය තුළ nsp12 නම් ප්‍රෝටීනයක් අඩංගු වේ. මෙම ප්‍රෝටීනය නව වෛරස ප්‍රතිගුණනය සඳහා වැදගත් වේ. එබැවින් ඉන්දියානු විශේෂඥයන් මෙම nsp12 හි ක්‍රියාකාරීත්වය මර්ධනය කරන සංයෝග පිළිබඳව පර්යේෂණ පවත්වා ඇත. එහිදී විටමින් B12 පිළිබඳව ඔවුන්ගේ අවධානය යොමු වී තිබේ.

නමුත් මෙම අධ්‍යනයන් පරිගණක ආකෘතීන් යොදාගෙන සිදුකරන ලද මූලික අධ්‍යයනයන් පමණක් වන බැවින්, මේ පිළිබඳව වදුරටත් පුළුල් ලෙස පර්යේෂණ කිරීමේ අවශ්‍යතාවය රුසියානු විද්‍යාඥයන් පෙන්වා දී තිබේ.

මීට අමතරව සිංගප්පූරු විද්‍යාඥයන් පිරිසක් ද vitamin B12, D3 හා Mg එක්ව යොදා සිදුකරන ලද අධ්‍යයනයකදී යහපත් ප්‍රතිඵල අත් කරගෙන ඇත. එහිදී එම ඖෂධය ලබාදුන් රෝගීන්ට අවශ්‍ය වූ ඔක්සිජන් ප්‍රමාණය අවම වූ අතර, එම රෝගීන් ගෙන් කිසිවකුත් බරපතළ රෝගී තත්ත්වයන්ට ගොදුරු නොවී ය.

ශරීරයේ බොහෝ වැදගත් හෝමෝනමය හා පරිවෘත්තීය ක්‍රියාකාරකම් සඳහා විටමින් B12 අත්‍යවශ්‍ය බව දන්නා කරුණකි. උදාහරණයක් ලෙස, සෛල මගින් ශක්තිය නිපදවීම, ස්නායු පද්ධතියේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වය, DNA / RNA සංශ්ලේෂණය මේ අතරින් ප්‍රධාන වේ. කෙසේ වෙතත් මෙම විටමින් අධික ලෙස පානය කිරීම අතිශයින්ම භයානක බව රුසියානු විද්‍යාඥයන් පෙන්වා දී තිබේ.

ඔවුන් පවසන පරිදි එමගින් රුධිරයේ, රතු රුධිරාණු හා සුදු රුධිරාණු සංඛ්‍යාවේ වැඩි වීමක් සිදුවේ. ඒ හේතුවෙන් රුධිර ප්‍රවාහයේ ඝනත්වය වැඩිවීමක් සිදුවිය හැකි අතර, එය රුධිර කැටි ගැසීමක් දක්වා වර්ධනය විය හැක. එමගින් ආහාර ජීර්ණ පද්ධතියේ දුර්වලතා , දෘශ්‍ය තීව්‍රතාවය අඩු වීම්, හෘදයාබාධ ඇතිවීමේ අවදානම්, බරපතල ස්නායු ආබාධ, ඇතිවිය හැකිය. එපමණක් නොව ඒ හේතුවෙන් කම්පන පවා ඇතිවිය හැකි අතර එය මාරාන්තික විය හැකිය.

විටමින් B12 බහුල ආහාර ලෙස සත්ත්ව අක්මා, බිත්තර, මාංශමය  ආහාර සහ නිවුඩ්ඩ සහිත කැකුළු සහල් ගත හැක. විටමින් B12 ස්වාභාවික ආහාර මගින් ශරීරයට ලැබෙයි නම්, එය ශරීරයේ එකතු වීමක් සිදු නොවන අතර එම නිසා හානියක් සිදු නොවන බවද කියැවේ. එබැවින් ඕනෑම අවස්ථාවක, විශේෂයෙන් වසංගත අවධියකදී මෙම ආහාර වර්ග, තම ආහාරයට එක් කර දැනීම වැදගත් වේ.

මූලාශ්‍ර
news.mail.ru



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More