දේශීය පුවත්

රටේ සියලු මාර්ග ඉදිරි සිව් වසර තුළ ප්‍රතිසංස්කරණය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ දිස්ත්‍රික්ක රැසක ජනතාව මුහුණ දී සිටින ගැටළුවලට විසඳුම් දෙමින් ජාතික ආර්ථිකයක් ගොඩනැගීමට සක්‍රීයව දායකත්වය ලබාදීම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ගේ කාර්යභාරය බවය.

දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ගේ කාර්යභාරය සහ වගකීම පිළිබඳව දැනුවත් කිරීම සඳහා ඊයේ (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කර තිබේ.

අමාත්‍යවරු හා රාජ්‍ය අමාත්‍යවරු සමග එක්ව රාජ්‍ය යන්ත්‍රණය කාර්යක්ෂමව යොදා ගනිමින් රට ඉදිරියට ගෙනයාමට දිස්ත්‍රික් කමිටු සභාපතිවරුන්ට විශාල වගකීමක් පැවරී ඇති බව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත.

දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිධූර සඳහා අමාත්‍යවරුන් නොවන තරුණ මන්ත්‍රීවරු පත්කරනු ලැබුවේ ඔවුන්ගේ මුළු කාලයම එම කාර්යන් සඳහා වැය කිරිමට බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කර තිබේ.

දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල තත්ත්වය සමාලෝචනයටත්, පවතින ගැටළුවලට ක්ෂණිකව විසඳුම් ලබාදීමේ වැඩපිළිවෙළක් සකස්කිරීමටත් පියවර ගන්නා බව ජනාධිපතිවරයා සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

A,B,C,D ලෙස වර්ගකර ඇති දිවයිනේ සියලු මාර්ග ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන්වීමට පෙර කාපට් අතුරා සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බවද මෙම සාකච්ඡාවට එක්වු ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්යය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.

ජනාධිපතිවරයා අපේක්ෂා කරන සහය ලබාදෙමින් රට සංවර්ධනයට උපරිමයෙන් කැපවන බවට දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරුන් එහිදි සහතික වු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මේ අතර බේරේ වැව ඉදිරිපිට ඉදිකරමින් පවතින “අල්ටයර් නේවාසික හා වාණිජ ගොඩනැගිල්ල“ ඊයේ (31) පස්වරුවේ ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතාගේ නිරික්ෂණයට ලක්වි තිබේ.

වැඩ අවසන් වු විට කොළඹ පිහිටි උසම ගොඩනැගිලි අතරට එක්වන අල්ටයර් ගොඩනැගිල්ල ඉදිකිරීම් කටයුතු 2012 වසරේ දී ආරම්භ කෙරුණි.

කුළුණු දෙකකින් යුත් අල්ටයර් සංකිර්ණය මහල් 68කින් හා 63කින් සමන්විත වන අතර එහි අධි සුඛෝපභෝගි නිවාස 404ක් සහ  ඉහළ ප්‍රමිතියේ සාප්පු සංකිර්ණයක් ඉදිකිරීමට නියමිතය.

ගොඩනැගිලි සංකිර්ණයේ ඉදිකිරීම් සියයට 70ක් පමණ දැනට අවසන් කර ඇති අතර ඉතිරි වැඩ ලබන ජනවාරි වන විට අවසන් කිරිමට සැලසුම් කර තිබේ.

මෙවැනි ඉදිකිරිම් සංචාරක ආකර්ෂණයට හේතුවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වාදී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More