පළාත් සභා යනු මෙරට ජනතාව අතර පදම් වූ සංවිධානයක් බැවින් ඒවා නිකම්ම ගලවා විසි කිරීමට නොහැකි බවත් පළාත් සභා සම්බන්ධ කාරණයේදී ඉතාම ප්‍රවේශමින් කටයුතු කළයුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.
“රටේ ජනතාව පළාත් සභාවලට හුරු වෙලා ඉන්නෙ. ඒ නිසා පළාත් සභා ඕනෙද නැද්ද කියන කාරණය ඔහොම සරලව තීන්දු කරන්න පුළුවන් එකක් නෙවෙයි. මොකද මං දැක්කා පාර්ලිමේන්තුවෙ ඉන්නවා පළාත් සභාවල හිටපු මන්ත්‍රීවරු පනස් ගාණක්.
පළාත් සභා එපා කියනවා වගේම පළාත් සභා වෙනුවෙන් කතා කරන්නත් රටේ ලොකු හඬක් තියෙනවා. පළාත් සභා මේ මේ ඒ විදියට පැත්තකට විසි කරන්න පුළුවන් කාරණයක් නෙවෙයි.
ඒක දැන් මේ රටේ පදම් වෙච්ච කාරණයක්. එහෙම පදම් වෙච්ච සංවිධානයක් එහෙම ගලවලා විසි කරන්න බෑ. එවැනි උත්සාහයකින් විශාල හානි සිද්ධ වෙනවා රටේ. ආර්ථික සමාජීය දේශපාලනික හානි සිද්ධ වෙනවා. ඒක හින්දා ඒක බොහොම ප්‍රවේශමින් ගන්න ඕනෙ තීන්දුවක්” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...