දේශීය පුවත්

බිනර පුන් පෝය අදයි

September 1, 2020 1:32 am | Lanka Lead News

භික්ෂූණි ශාසනය ආරම්භවීම ඇතුළු ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ බිනර පුන් පොහෝ දිනය අදයි.

ලොවපුරා බෞද්ධ ජනතාව අද ඒ වෙනුවෙන් දිනය පුරා ආමිස හා ප්‍රතිපත්ති පූජාවල නිරත වෙයි. ශාසනික සිදුවීම රැසක් සිදුවූ බිනර පුන් පෝය දා අදයි.

වස් සමයේ අතරමැදි පොහොය ලෙසද මෙය සැලකෙයි.

භික්ෂූණි ශාසනය ආරම්භ වූයේද අදවන් බිනර පුන් පෝය දිනකයි.

එමෙන්ම කාන්තාවන්ට පැවිද්ද ලබාදෙමින් මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු කාන්තාවන් 500ක් සසුනට එක්වූයේද බිනර පෝය දිනක වීම විශේෂත්වයක්.

අෂ්ට ගරු ධර්ම බුදුන්වහන්සේගෙන් විමසා ආනන්ද හිමියන් විසින් එය මහා ප්‍රජාපතිගෝතමී දේවියට පහදා දීමෙන් පසුව ගරුධර්ම ආරක්ෂා කරන බවට ප්‍රතිඥා ලබාදුන්නේද අදවන් දිනකයි.

මෙලෙස වැදගත් බිනර පුන් පසලොස්වක පොහොය නිමිත්තෙන් බෞද්ධ ජනතාව අද දවස පුරා වෙහෙර විහාරස්ථානවලදී ආගමික වතාවත්වල නිරත වෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More