විදේශ පුවත්

ජනාධිපති අලෙක්සැන්ඩර් ලුකශෙන්කෝට එරෙහිව බෙලරුස් වැසියන් යළිත් විරෝධතාවල නිරතව සිටී.

එහිදී විරෝධතාකරුවන් සියයකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවද විදෙස් වාර්තා සඳහන් කළේය.

බෙලරුස් ජනාධිපතිවරයාට එරෙහිව “මින්ස්ක්” අගනුවර පැවති විරෝධතාවට පුද්ගලයන් දහස් සංඛ්‍යාත පිරිසක් එක්ව සිටියේය.

අගනුවර නිදහස් චතුරස්‍රයටත් විරෝධතාකරුවන් රැස්ව සිටින බව සඳහන් වේ.

විරෝධතාකරුවන් පාලනය කිරීම සහා නගරයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් රැසක් අනුයුක්ත කර ඇති බවත් එරට වාර්තා සඳහන් කළේය.

පසුගිය 9 වැනි දා පැවති මැතිවරණයද ජයගනිමින් නැවත වරක් රටේ පාලනය තමා සතු කර ගැනීමට ජනාධිපති ලුකශෙන්කෝ සමත් විය.

එහෙත් විරෝධතාකරුවන් පවසන්නේ මැතිවරණයේදී වංචාවක් සිදුකර ඇති බවය.

මැතිවරණයෙන් පසුව ජනාධිපතිවරයාට එරෙහිව ආරම්භ වූ විරෝධතාව අඛණ්ඩව මේ වන තුරුත් පැවැත්වේ.

මේ අතර, පොලීසිය විසින් වරින් වර අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබේ.

ඒ අනුව, විරෝධතාකරුවන් සියයකට වැඩි පිරිසක් මේ වන විට රැඳවුම් භාරයේ පසුවන බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More