දේශීය පුවත්

විපක්ෂය නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලනඥයෙකුගේ බලපෑම මත මහනුවර, හන්තාන කඳුවැටියේ මීටර් 3000 ට ඉහළ පරිසර සංවේදී ප්‍රදේශයේ අක්කර 19 ක පමණ භූමි ප්‍රදේශයක් එළිපෙහෙළි කරමින් තිබෙන බව පරිසරවේදීහු සඳහන් කරති.

ඉකුත් බ්‍රහස්පතින්දා (27 වැනිදා) සිට මෙම භූමි ප්‍රදේශය කිසියම් වගාවක් හෝ සංවර්ධන කටයුත්තක් සඳහා එළිපෙහෙළි කරමින් තිබෙන බවත්, දැනටමත් අක්කර දෙකකට ආසන්න භූමි ප්‍රදේශයක් එළිපෙහෙළි කර ඇතැයි හන්තාන සුරකින්නන්ගේ සංගමය පවසයි.

1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතට අනුව අංක 1641/28 හා 2010 පෙබරවාරි 27 දිනැති අති විශේෂ ගැසට් නිවේදනයේ පරිදි පූර්ව අනුමැතියකින් තොරව හන්තාන කඳුවැටියේ මීටර් 3000 කට වඩා ඉහළ ප්‍රදේශයේ සංවර්ධන කාර්යයන් සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සපුරා තහනම් බවට මධ්‍යම පරිසර අධිකාරිය විසින් එම භූමි ප්‍රදේශය ආශ්‍රිතව විශාල පුවරුවක්ද සවිකර තිබේ.

මෙම ප්‍රදේශයේ යම් කටයුත්තක් සිදු කරන්නේ නම් හන්තාන පාරිසරික ආරක්ෂක ප්‍රදේශ කළමනාකරණ කමිටුවේ අනුමැතිය ලබාගත යුතු වූවත්, මෙලෙස සිදු කරන එළි පෙහෙළි කිරීම සඳහා අවසරයක් ලබාගෙන නැතැයි හන්තාන සුරකින්නන්ගේ සංගමයේ ලේකම් අමිත් සේනානායක පවසයි.

මෙම භූමි ප්‍රදේශය ඉකුත් රජය සමයේදීද එළිපෙහෙළි කිරීමට විවිධ කටයුතු කරනු ලැබූවත්, පරිසරවේදීන්ගේ දැඩි විරෝධතා මැද එම කටයුතු නතර වී ඇති බව කියයි.

මෙලෙස හන්තාන භූමිය එළිපෙහෙළි කරනු ලබන්නේ එනසාල් වගාවක් සිදු කිරීමට බවට තොරතුරු ලැබී ඇති බවත් පරිසරවේදීහු පවසති. මෙම පරිසර හානිය පිළිබඳ මහනුවර පොලිසියට සහ පොලිස් හදිසි ඇමතුම් අංකයට පැමිණිලි කළ බවත් පොලිස් හදිසි ඇමතුම් අංශය අදාළ ස්ථානය නිරීක්ෂණයට ගියද නමුත් පලක් නොවූ බවත් මේ පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරියේ පොල්ගොල්ල කාර්යාලය දැනුවත් කිරීමට ද කටයුතු කර ඇති බවත් හන්තාන සුරකින්නන්ගේ සංගමය කියා සිටී.

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ අදාළ ස්ථානය පිළිබඳව සොයා බැලීමට අද (31 වැනිදා) කණ්ඩායමක් යොදවන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More