දේශීය පුවත්

විශ්වවිද්‍යාලවල යෝග්‍යතා පරීක්ෂණ පවත්වා සිසුන් තෝරා ගන්නා පාඨමාලා සඳහා මින් ඉදිරියට උසස් පෙළ විභාගයේ සාමාන්‍ය පොදු පරීක්ෂණ ලකුණු සලකා බැලීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලවලින් ද අදහස් කැඳවා ඇති අතර විශ්වවිද්‍යාලවලින් වෙන වෙනම යෝග්‍යතා පරික්ෂණ පවත්වා ප්‍රතිඵල නිකුත් කිරීමට කාලයක් ගත වීම ඇතුළු කරුණු කිහිපයක් මත අමාත්‍යාංශය ඉහත තීරණය ගෙන තිබේ.

මෙම තීරණය ක්‍රියාත්මක කෙරෙන්නේ උසස් පෙළ විභාගයෙන් සුදුසුකම් ලබන්නන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීම සඳහා ගත වන කාලය මාස හයකින් අඩු කිරීමේ අධ්‍යාපන අමාත්‍යාංශ වැඩපිළිවෙළ අනුව ය.

විභාගයෙන් පසු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා මේ වන විට වසර එකහමාරක් පමණ ගත වන බවත් එවැනි කාලයක් ගත්වීම අපරාධයක් බවත් කී ඉහත කරුණු දැක්වූ නිලධාරියා එම කාලය අනිවාර්යයෙන් ම මාස හයකින් අඩු කරන බවත් කීවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More