දේශීය පුවත්

පාස්කු ප‍්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ නිලධාරීන්ගේ නිල ඇඳුම් ගලවා ඔවුන් සේවයෙන් පහකළ යුතු යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා පැවැසීය.

උන්වහන්සේ මේ බැව් පැවසුවේ ඊයේ (30දා) රාගම තේවත්ත ශ‍්‍රී ලංකා අප ස්වාමි¥ගේ ජාතික බැසිලිකා සිද්ධස්ථානයේදී පැවැති රෝගීන්ට ආශිර්වාද කිරීමේ දේව මෙහෙයකට එක්වෙමිනි.

එහිදී උන්වහන්සේ මෙසේද පැවසූහ.

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණ පරීක්‍ෂණයක් ඒ සම්බන්ධව විමර්ශනය කරන ජනාධිපති කොමිසම මගින් සිදුවේ යැයි කියා අප විශ්වාස කරනවා.

විමර්ශනවලදී ප‍්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ අය කවුරුන්ද කියා නිවැරදිව හෙළිකළ යුතුයි.

වත්මන් ආණ්ඩුව අපට පොරොන්දුවූවා පාස්කු ප‍්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ පුද්ගලයන් හෙළිකර ඔවුනට නිසි දඬුවම් ලබාදෙන බවට. එය නොකළොත් අප මෙම ආණ්ඩුවටත් එරෙහිව නැඟීසිටිනවා.

මෙම ප‍්‍රහාරය නිසා මියගිය අයගේ පවුල්හි සාමාජිකයන් මැරි මැරී ජීවත් වන පිරිසක් බවට පත්වෙලා. තුවාල ලැබූ ඇතැම් අය සදාකාලික රෝගීන් බවට පත්වෙලා.

මෙවන් විනාශයක තොරතුරු දැනගන්නට ලැබී තිබියදී ඒ සම්බන්ධයෙන් පියවර නොගත්ත නිලධාරීන්ට තරාතිරම නොබලා දඬුවම් දිය යුතුයි. එය අප බලාපොරොත්තු වෙනවා.

පාස්කු ප‍්‍රහාරය පිළිබඳ විමසා බලන ජනාධිපති කොමිසම හමුවේ අද ඇතැම් අය කිඹුල් කඳුළු හෙළනවා.

මෙහි පිටුපස ඉන්න මහමොළකරුවන් හඳුනාගෙන ඔවුන් ගැන රටටම හෙළිකළ යුතුයි.

මෙම ප‍්‍රහාරය වළක්වාගන්න කටයුතු නොකළ ඇතැම් පොලිස් නිලධාරීන් තම නිල ඇඳුමේ පැළඳගෙන ඉන්න පළඳනාවලටත් ලැජ්ජා කරනවා. එනිසා ඔවුන්ගේ නිල ඇඳුම් ගලවා දැමිය යුතුයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More