දේශීය පුවත්

ආණ්ඩුවේ උතුරු පළාත බාරව කටයුතු කරන මැතිඇමැතිවරුන් අතර සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ආරවුලක් ඇතිවී තිබේ.

මීට හේතුව වී ඇත්තේ යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කළ ශ්‍රීලනිප මන්ත්‍රී අංගජන් රාමානදන් මහතා විසින් උතුරේ කෙරෙන සියලුම සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් තමන් දැනුවත් කරන ලෙසට යාපනය දිසා ලේකම් කේ. මහේෂන් මහතා වෙත ලිපියක් යොමු කිරීමට පියවර ගෙන තිබීමය.

මෙය වාර්තා වීමත් සමග ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ඊට සිය දැඩි විරෝධය පළ කොට ඇති බව දැනගන්නට ඇත.

දේවානන්දා මහතා මේ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දීමටද පියවර ගෙන ඇත.

ඒ අනුව ජනාධිපතිවරයා උතුරේ සියලුම නිලධාරීන් සාකච්ජාවක් සදහා කැදවා ඇති බවද දැනගන්නට තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More