ජාතික සමගි ජන බලවේගෙයේ පක්ෂ අතර ඇතිවී තිබෙන අර්බුදය හේතුවෙන් එම සන්ධානය තුළ නායකත්වයේ අර්බුදයක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.
ජාතික සමගි ජන බලවේගය පක්ෂයක් නොවන බවත් එය පක්ෂ ගණනාවකගේ සැදුම්ලත් සන්ධානයක් බව එහි සුළු පක්ෂ විසින් සජිත් ප්‍රේමදාස මහතාට පෙන්වා දී ඇත.
ඒ අනුව කඩිනමින් පක්ෂයක් පිහිටුවා එය ලියාපදිංචි කර දේශපාලන කටයුතු ආරම්භ කරන ලෙස දන්වා ඇත. ඒ සමගම එහි ප්‍රධාන තනතුරු සම්බන්ධයෙන් සන්ධානය තුළ සීතල ගැටුමක් නිර්මාණය වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
එම සන්ධානය නියෝජනය කරන මුස්ලිම් හා දෙමළ පක්ෂ ඕනෑම මොහොතක ආණ්ඩුවෙන් ආරාධනයක් ලැබෙන්නේ නම් සහාය දෙන්න සූදානමින් සිටින බව ද වාර්තා වේ. මෙම තත්ත්වය මත සමගි ජන බලවේගයේ ඉදිරි පැවැත්ම සම්බන්ධයෙන් ගැටලුවක් නිර්මාණය වී ඇත. එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය විසඳීමෙන් පසුව තවත් කොටසක් මහගෙදරට යාමට සූදානම් බවටද තොරතුරු වාර්තා වේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...