දේශීය පුවත්

ආර්ථික පුනර්ජනය හා දාරිද්‍රවය තුරන් කිරීම පිළිබද ජනාධිපති කාර්ය සාධක බලකායේ දැක්ම හා අරමුණුවලට සමගාමීව, අගය එකතු කළ කිරි නිෂ්පාදන අපනයන ක්‍රියාවලිය වේගවත් කිරීමට ෆෙන්ටේරා බ්‍රෑන්ඩ්ස් ශ්‍රී ලංකා සමාගම කටයුතු කරමින් සිටින බව ආර්ථික පුනර්ජනය හා දාරිද්‍රවය තුරන් කිරීම පිළිබද ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසන්නේ,

ෆෙන්ටේරා සමාගම ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් දක්වන දායකත්වය මට පෙනෙනවා. ඒ වගේම ඔවුන් අගය එකතු කළ කිරි නිෂ්පාදන අපනයනය වේගවත් කිරීමට උත්සාහ කරමින් සිටින බවත්, ඉදිරියේදී එම උත්සාහය තව තවත් පුළුල් කිරීමට සැළසුම් කර ඇති බවත් දැනගැනීමට ලැබීම සතුටක් බවත්ය.

කෙසේ වෙතත් පසුගිය කාලය පුරාම දේශීය කිරිගොවියා බහුජාතික සමාගම් වලින් ආරක්ෂ කළ යුතු බව පවසන මෙරට විද්වතුන්ගේ සහ සමාජයේ දෝෂදර්ශනයට ලක්වූ ආයතනයක් බවට ෆෙන්ටේරා ආයතනය පත්වී තිබුණු තත්වයක් යටතේ ආර්ථික පුනර්ජනය හා දාරිද්‍රවය තුරන් කිරීම පිළිබද ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිවරයාගේ මෙම ප්‍රකාශයන් ඔවුන් කෙසේ බාරගනු ඇත්ද?



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More