ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය ඉදිරි සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට හැකි වෙතැයි තමන් විශ්වාස කරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි මහතා ඇමැති මණ්ඩලයට දැනුම් දී ඇත.
මෙවර අමාත්‍ය කැබිනට් මණ්ඩලයේදී 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත. එහිදී විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල ඇතුළු ඇමැතිවරුන් ගණනාවක් පෙන්වා දී ඇත්තේ 19 වැනි සංශෝධනයේ ජනතාවට ප්‍රයෝජනවත් සමහර වගන්ති ඉවත් නොකර ඒවා 20 වැනි සංශෝධනය මගින් සක්‍රීය කළ යුතු බවයි.
අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා සඳහන් කර ඇත්තේ දැනට ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත රජයේ නීතී කෙටුම්පත් සම්පාදන දෙපාර්තමේන්තුවට යොමු කර ඇත කියාය. එය තමන් වෙත ලැබුණු සැණින් කැබිනට්ටුවට ඉදිරිපත් කරන වග ඔහු සඳහන් කර තිබේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...